දේශීය

ඉන්දියාවෙන් ඇනවුම් කළ නාඩු සහල් තොගයෙන් තවත් කොටසක් අද දිවයිනට

ඉන්දියාවෙන් ඇනවුම් කළ තවත් නාඩු සහල් තොගයක් රැගත් නෞකාවක් අද (17) කොළඹ වරායට පැමීණීමට නියමිතව තිබේ.

ඉන්දියාවෙන් ඇනවුම් කළ සහල් මෙට්‍රික් ටොන් 30,000 න් කොටසක් මෙලෙස අද දිවයිනට රැගෙන එන බව හා ඇනවුම් කළ සහල් තොගයෙන් මෙට්‍රික් ටොන් 6,000ක් පසුගිය සතියේ දිවයිනට ලැබී ඇති බව වෙළෙඳ අමාත්‍යාංශය සඳහන් කළේය.

ඉතිරි සහල් තොගය සතියකට නැව් 3 බැගින් වන ලෙස මේ මාසය ඇතුළත මෙරටට රැගෙන ඒමට නියමිත බවද එම අමාත්‍යංශය දන්වා තිබේ.

එසේම ඉන්දියාවෙන් ඇනවුම් කළ තවත් පොන්නි සම්බා මෙට්‍රික් ටොන් 50,000 ක් ද මෙරටට ලැබීමට නියමිතව ඇති අතර එම සහල් ස.තො.ස. හා සමූපකාර අලෙවිසැල් හරහා බෙදා හරින බව ද වෙළෙඳ අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ ය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *