ක්‍රීඩා

ශ්‍රී ලංකාව විස්සයි විස්ස ලෝක කුසලානයේ පළමු කඩයිම ජයගනී

පන්දුවාර 20 ලෝක කුලසාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ නැමීබියාව සමග ඊයේ (18) රාත්‍රීයේ පැවති තරගය කඩුලු 07කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් නැමිබියා කණ්ඩායම පන්දුවාර 19 පන්දු 3කදී සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වුණේ  ලකුණු 96ක් පමණි.

මහීෂ් තීක්ෂණ ලකුණු 25කට කඩුළු 03ක් බිඳ හෙලීමට සමත් වු අතර ලහිරු කුමාර සහ වනිදු හසරංග කඩුලු 02ක බැගින් දවා ගැනීමට සමත් විය.

ජයග්‍රහණය සඳහා අවශ්‍ය ලකුණු 97ක ඉලක්කයක් සමග පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 13 පන්දු 3 අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ජයග්‍රහණය සටහන් කළේය.

අවිශ්ක ප්‍රනාන්දු නොදැවී ලකුණු 30ක් ලබාගත් අතර භානුක රාජපක්ෂ නොදැවී ලකුණු 42ක් රැස් කළේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *