දේශීය

කොහුවල හන්දියේ වාහන ගමනාගමනය සීමා කෙරේ

කොහුවල ගුවන් පාළම ඉදිකිරීමේ කටයුතු හේතුවෙන් කොළඹ – හොරණ ප්‍රධාන මාර්ගයේ කොහුවල හන්දිය කොටසේ වාහන ගමනාගමනය සීමා කර තිබේ.

කොළඹ – හොරණ ප්‍රධාන මාර්ගයේ කොහුවල හන්දිය කොටසේ වාහන ගමනාගමනය ලබන 21 සිට දෙසැම්බර් 20 වැනි දා දක්වා සීමා කෙරෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

ඒ අනුව පොදු ප්‍රවාහන බස් රථ හැර සෙසු වාහනවලට හැකි තාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?