සුදුළූණු වංචා සම්බන්ධ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට
ලංකා ස.තො.ස සමාගමේ සිදු වූ සුදුළූණු වංචාවට අදාළව තවත් සැකකරුවෙක් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි සැකකරුවෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.
එම මහතා වැඩිදුරටත් සඳහන් කළේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ස.තො.සෙන් වංචනික ලෙස සුදුළූණු මිලදී ගත් ව්‍යාපාරිකයාගේ පුත්‍රයා බවයි.
අදාළ වංචාව සම්බන්ධයෙන් ව්‍යාජ ලේඛන සැකසීම, සොර බඩු ළඟ තබා ගැනීම යන චෝදනා අදාළ සැකකරුට එල්ල වී ඇති අතර අද (23) ඔහු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

