දේශීය

සිසුන් 40ට වැඩි නම් කොටස් වශයෙන් ගෙන්වන්න – අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්

දිවයින පුරා පිහිටි රජයේ සියලුම පාසල්වල ප්‍රාථමික අංශ ලබන 25 වන සඳුදා සිට යළි ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් කපිල පෙරේරා මහතා සඳහන් කළේ.

සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුකූලව අදාළ ශ්‍රේණී ආරම්භ කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවසර ලබාදී තිබුණි.

ඒ අනුව ශිෂ්‍ය සංඛ්‍යාව 200ට වැඩි පාසල් හි ප්‍රාථමික අංශ මෙලෙස ආරම්භ කිරීම සිදු වේ.

රජයේ අනුමත පෞද්ගලික පාසල්වල හා කතෝලික පාසල්වල ප්‍රාථමික අංශ ද මේ අනුව අධ්‍යාපන කටයුතු  ආරම්භ කිරීමට තීරණය කර ඇත.

සිසුන් 40 අධිකව සිටින්නේ නම්  ළමයින් කොටස් වශයෙන් ගෙන්වා ඉගැන්වීම් කටයුතු සිදුකරන බවත් ඒ සඳහා විදුහල්පතිවරුන්ට සම්පූර්ණ අවසර දී ඇති බවත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් කපිල පෙරේරා මහතා සඳහන් කළේය.

එසේම එම මහතා වැඩිදුරටත් පැවසුවේ ඉදිරියේදී අනෙකුත් ශ්‍රේණිවල පන්ති ද ආරම්භ කිරීමට කටයුතු කරන බවයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?