දේශීය

තමා පිළිබඳ සාවද්‍ය ප්‍රචාරයන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග – ජනාධිපති ලේකම්

තමා පිළිබඳව ගෙන යන සාවද්‍ය ප්‍රචාරයන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර මහතා පවසයි.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ඉන්දියාවෙන් පොහොර ගෙන්වීම සඳහා රාජ්‍ය බැංකුවක පෞද්ගලික ගිණුමක් විවෘත කිරීම පිළිබඳව විපක්ෂ මන්ත්‍රීවරයකු පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශයක් උපුටා දක්වමින් ඇතැම් මාධ්‍ය ජනාධිපති ලේකම්වරයා ඉලක්ක කර නිර්මාණය කරන සාවද්‍ය ප්‍රවෘත්ති ජනාධිපති ලේකම්වරයා තරයේ ප්‍රතික්ෂේප කරන බවයි.

එම ප්‍රවෘත්ති සම්පූර්ණයෙන් අසත්‍ය සහ ද්වේශ සහගතව නිර්මාණය කරන ඒවා බව ද ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

රාජ්‍ය බැංකුවක ගිණුමක් විවෘත කිරීම අදාළ බැංකුව සහ ගිණුමේ හිමිකරු අතර කාර්යභාරයක් වන අතර එහිදි නියමිත ක්‍රියාපටිපාටියට අනුව කටයුතු කිරීම බැංකුවට අදාළ වගකීමක් බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

ඒ් අනුව මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයක් හුවා දක්වමින් තමා ඉලක්කකොට සැලසුම් සහගතව ගෙන යන සාවද්‍ය ප්‍රචාරයන් සම්බන්ධයෙන් දැනටමත් දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ජනාධිපති ලේකම්වරයා සඳහන් කළේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *