දේශීය

කොවිඩ් සෞඛ්‍ය මාර්ගෝපදේශ තවදුරටත් ලිහිල් කෙරේ

කොවිඩ් සෞඛ්‍ය මාර්ගෝපදේශ තවදුරටත් ලිහිල් කරමින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිවයින පුරා රාත්‍රී 11.00 සිට අලුයම 4.00 දක්වා පනවා තිබූ සංචරණ සීමා ඉවත් කිරීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිතුක් කළ සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවේ සඳහන් වේ.

එසේම ආපනශාලා තුළට ඇතුළු කර ගත හැකි වන්නේ එහි ධාරිතාවෙන් 1/3ක් වන අතර පුද්ගලයින් සංඛ්‍යාව 75 සීමාව ඉක්මවා නොයා යුතු බව එහි දැක්වේ.

විවාහ මංගල උත්සව සඳහා අවසර හිමිවන්නේ අදාළ ශාලා ධාරිතාවෙන් 1/3ක ප්‍රමාණයකට වන අතර එය උපරිම පුද්ගලයින් 100කට සීමා කර තිබේ.

එළිමහන් ස්ථානයක නම් පුද්ගලයින් 150කට අවසර හිමි වන අතර විවාහ මංගල උත්සවලදී මත්පැන් සංග්‍රහ කිරීමට තවදුරටත් තහනම් වේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?