ක්‍රීඩා

දකුණු අප්‍රිකාවට හා පාකිස්තානයට ජය

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයේ ඊයේ (26) පැවති තරග දෙකෙන් ජය ගැනීමට දකුණු අප්‍රිකාව හා පාකිස්තාන කණ්ඩායම සමත් විය.

ඊයේ පැවති පළමු තරගය දකුණු අප්‍රිකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වුණි.

ඒ අනුව එම තරගයෙන් කඩුලු 8ක ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකාව සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළ අතර පිටියට පිවිසි කොදෙව්වන් පන්දුවාර 20 තුළ කඩුලු 8ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 143කි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 2ක් තුළ සිය ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියේ කඩුලු 2ක් පමණක් දැවී තිබියදී ය.

මේ අතර ඊයේ පැවති දෙවන තරගය නවසීලන්ත කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වුණු අතර එම තරගයේ අඛණ්ඩව දෙවන ජයග්‍රහණයත් වාර්තා කරමින් කඩුළු 5කින් තරගය ජය ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් විය.

එම තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තාන නායක බාබර් අසාම් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළේය.

ඒ අනුව පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රැස් කළේ ලකුණු 134ක් පමණයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 4ක් අවසානයේ කඩුලු 5ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කර යාමට සමත් වුණි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?