ක්‍රීඩා

ඔස්ට්‍රේලියාවට තවත් ජයක්

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඔස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර ඊයේ (06) පැවැති තරගයෙන් ජයග්‍රහනය කිරීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත් විය.

තරගයේ කාසිය වාසිය දිනූ ඕස්ට්‍රේලියා කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කරන ලදි.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 157ක් රැස් කළේය.

ජයග්‍රහනය සඳහා ලකුණු 158ක ඉලක්කයක් සමග පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 16යි පන්දු 2ක් තුළ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 161ක් වාර්තා කරමින් සිය ජයග්‍රහනය හඹා ගියේය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?