Latestදේශීය

9 වෙනි දා ගුරු අරගලය තවත් ශක්තිමත් කරනවා

වසන්තා හදපාන්ගොඩ සහ ගාමිණී ලොකුගේ වැනි අය විවිධ කතා කියමින් සිටියත් ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය මූලිකව ඉදිරියට යන අරගලය හමුවේ ආන්ඩුවට පල්ලම්බැසීමට සිදුවී ඇති බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පවසනවා.

මාධ්‍ය හමුවක් කැදවමින් (06) එම සන්ධානය ආන්ඩුවට බල කර සිටියේ, ගුරු විදුහල්පති වැටුප් විශමතාවය ඇතුළු අධ්‍යාපනයේ ගැටලු විසදීමට වහා මැදිහත් වන ලෙසයි. එහිදී ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය වෙනුවෙන් අදහස් දැක්වූ ලංකා ප්‍රගති ගුරු සංගමයේ ලේකම් මයුර සේනානයක මහතා,

”අපි ඉල්ලන්නේ සුබෝධනී කමිටුවේ පළවෙනි පියවර හැටියට ඇමති අනුකාරක කමිටුව යෝජනා කරපු වැටුප ලබා දෙන්න සම්පූර්ණයෙන්ම. ඒක ලබා දීලා ඊළඟ පියවරට යමු. ගුරුවරුන්ගේ සමස්ථ වැටුප් විශමතාවයක් තියෙනවා. ඒක විසදාගැනීමේ අරගලයක් මේක. මේකෙදි මේ රටේ ගුරුවරු දෙමව්පියෝ රාජ්‍ය අර්ධ රාජ්‍ය පුද්ගලික අංශ වල වැඩකරන ජනතාව, වතු ක්ෂේත්‍රයේ ජනතාව, මේ සියලු දෙනාම එකට එකතුවෙලා  මේ ප්‍රශ්නය විසදන්නයි කියන වෙලාවේ ආන්ඩුව ඒ් සඳහා යම්කිසි පියවරක් ගන්නවානම් අපි ඒකට කැමතියි. ඒක බොහොම හොදයි.

එදා දෙමාපියන් රැස්වුන වෙලාවේ මාවනැල්ල ඉස්කෝලේ එක්තරා වහුපැටියෙක් උම්බෑ කිවුවට අපි සැලෙන්නේ නැහැ. අපි ඒ හරකා දක්කන්න එනවා හෙට. අපි ඒ හරකා දක්කනවා. මොකද හරක්ට මේ ඉස්කෝල ගානෙ ඉන්න දුන්නොත් හරක් කන්න ගත්තම ළමයි හිටවපු පොල් පැලේ ඉදං සේරම කනවා. ඒ නිසා හරක්ට ඉස්කෝලවල බැහැ. මොකද ඕකා ඉස්කෝලෙකට ගියපු එකෙක් නෙමෙයි වැස්සකටවත්. නැත්තං ඉතිං ඉස්කෝලෙකට ඇවිත් ඔයවගේ ගොං පාට් දානවද? සම්පූර්ණ ගොනෙක්. ඒ නිසා මේ විදිහට කටයුතු කිරීම වැරදියි.

ඒ වගේම 9 වෙනි දා ජාතික විරෝධතා දිනයක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. 9 වෙනි දා ජාතික විරෝධතා දිනයේ දී සියලු වැඩකරන ජනතාවත් එක්ක එකතු වෙලා ඒ ඒ අයගේ ප්‍රශ්ණත්, අපේ ප්‍රශ්ණයත්, ගුරු විදුහල්පති ප්‍රශ්ණයත් රටේ අධ්‍යාපන ප්‍රශ්ණයත් පෙරට ගැනීමේ වැඩපිළිවෙලක් තිබෙන අතර 12 වෙනි දා අයවැය ක්‍රියාත්මක වන දවසට අපි දැඩි වෘත්තීය සමීති ක්‍රියාමාර්යකින් ඉදිරියට එනවා.” 

මේ අතර අද දින මාවනැල්ල නගරයේ ගුරු විදුහල්පති මෙන්ම දෙමාපියන් විශාල සංඛ්‍යාවකගේ සහභාගිත්වයෙන් උද්ඝෝෂණයක් පැවැත් වුණා.

මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා, මෙඩේරිගම ගුරු විදුහල්පති දෙමාපියන්ට තර්ජනය කිරීමට එරෙහිවයි මෙම උද්ඝෝෂණය පැවැත්වුනෙ. මෙඩේරිගම විද්‍යාලයේ සිට මාවනැල්ල පොලීසිය දක්වා පෙලපාලියකින් පැමිණි මෙම උද්ඝෝෂණයට ගුරු විදුහල්පති වෘත්තීය සමිති නායකයින් සහභාගිවී තිබුණා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?