දේශීය

අමාත්‍ය විමල් වීරවංශ ඉන්දුනීසියා සමුළුව අමතයි

කාර්මික සංවර්ධනය පිළිබඳ දෙවන ආසියා පැසිපික් කලාපීය සමුළුව(2nd Regional Conference on Industrial Development -The 2nd RCID 2021) (10) ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී ඇරැඹිණි.

සමාරම්භක සැසිය ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ(Joko Widodo) මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙම අවස්ථාවට එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානයේ (UNIDO) ආසියා පැසිපික් කලාපයේ සාමාජික රටවල් 26හි කර්මාන්ත අමාත්‍යවරු එක්ව සිටියහ. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සමුළුවට සහභාගී වූ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා ඊයේ දිනයේ සමුළුව අමතනු ලැබීය.

මෙම දෙදින සමුළුව පුද්ගල සහභාගිත්ව සැසි හා මාර්ගගත සැසි යන දෙයාකාරයටම පැවැත්වෙන අතර එයට UNIDO සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ලී යොන්ග්(Li Yong) මහතාගේ සහභාගිත්වය ද ලැබී තිබේ. කාර්මික සංවර්ධනය පිළිබඳ පළමු ආසියා පැසිෆික් කලාපීය සමුළුව Unblocking the Potential of lndustry 4.0 for Developing Countries යන තේමාව යටතේ 2018 නොවැම්බර් 08-09 දෙදින තුළ ඉන්දුනීසියාවේ බාලි දූපත්හිදී පැවැත්විණි. එහිදී සැකසුණු න්‍යාය පත්‍රයක් අනුව මෙවර සමුළුව Acceleration of Industry 4.0 Inclusive and Sustainable Industrialization යන තේමාව යටතේ මුළු දෙයි.

ගෝලීය වටිනාකම් දාමයන්(GVC) මත කලාපීය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ සහභාගීත්වය වැඩි කිරීම(Increasing SMEs Participation on Global Value Chains),
කලාපය තුළ කුඩා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්හි මානව සම්පත ශක්තිමත් කිරීම(Strengthening SMEs human resources), චක්‍ර ආර්ථිකය ක්‍රියාත්මක කිරීම(Implementation of circular economy), ස්වභාවික සම්පත් ප්‍රශස්ත ලෙස භාවිත කිරීම(Natural Resources utilisation optimalization) යන අරමුණු ජයග්‍රහණය කිරීම පිළිබඳව මෙහිදී කලාපීය කර්මාන්ත අමාත්‍යවරුන්ගේ අවධානය යොමුව තිබේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?