ක්‍රීඩා

ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අද T20 අවසන් මහා තරග බිමට

2021 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර අද (14) ඩුබායිහිදී අද පැවැත් වීමට නියමිත වේ.

තරගය අද රාත්‍රී 7.30ට ආරම්භ වේ.

පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියක අවසන් මහා තරගයකට නවසීලන්ත කන්ඩායම තරගවදින පළමු අවස්ථාව මෙය වන අතර ඔස්ට්‍රේලියානු  කණ්ඩායම විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියක අවසන් මහා තරගයකට තරගවදින දෙවැනි අවස්ථාව මෙය වේ.

ඔස්ට්‍රේලියා කණ්ඩායම 2010 වසරේදී එංගලන්තය හමුවේ කඩුලු 07 කින් පරාජයව ඇති අතර ඒ අනුව එම තරගාවලියේ අනුශූරයින් බවට පත් වීමට ඔස්ට්‍රේලියානුවන් සමත්ව තිබේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?