දේශීය

නොවැම්බර් 22 වන දා සිට සියලු පාසල් විවෘත කරනවා – අමාත්‍ය ඩලස්

රජයේ පාසල්වල මෙතෙක් ආරම්භ කර නොමැති අනෙකුත් ශ්‍රේණිවල අධ්‍යන කටයුතු නොවැම්බර් 22 වන සඳුදා සිට ආරම්භ කරන බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කර තිබේ.

අමාත්‍යවරයා අද (16) උදෑසන පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් මේ බව සඳහන් කළේය.

වසර දෙකකට ආසන්න කාලයක් පාසල් අධ්‍යාපනය මුළුමනින් ම අකර්මණ්‍ය වීම මෙරට සිදුව ඇති බරපතළ අපරාධයක් බවද මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ ය.

ගෝලීය කොවිඩ් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් පාසල් පද්ධතිය තාවකාලිකය වසා තැබීමෙන් පසු මාර්ගගත ක්‍රමයට මෙරට දරුවන් සදහා අධ්‍යනය ලබාදීමට කටයුතු කරන ලදි.

එම මාර්ගගත අධ්‍යාපන ක්‍රමය තුළින් සිසු සිසුවියන් බහුතරයකට නිසි අධ්‍යාපනයක් ලැබීමට අවස්ථාව අහිමි වී ගිය බව පසුගිය කාලය පුරා විවිධ පාර්ශව තුළින් එල්ල වූ චෝදනාවක් විය.

ගුරු විදුහල්පති වැටුප් අරගලය සහ එය විසදීමට රජය පාර්ශවයෙන් සාර්ථක මැදිහත්වීමක් නොවීම, අන්තර්ජාල සම්බන්ධතා හී සීමාවන්, දුරකථන හෝ පරිඝණක පහසුකම් හිමි සිසු සිසුවියන් අවම අගයක් ගැනීම, වැනි විවිධ කරුණු පාසල් අධ්‍යානයේ අපේක්ෂිත ඉලක්ක සපුරා ගැනීමට නොහැකි වීමට බලපෑ මූළික කාරණා අතර වෙයි.

අධ්‍යාපනය වෙනුවෙන් දළ ජාතික නිෂ්පාදිතයෙන් 6%ක් වෙන් කරන ලෙස ඉල්ලා විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය, සිසු ජන ව්‍යාපාරය ඇතුළු පාර්ෂව ගණනාවක් පසුගිය කාලය පුරා විවිධ අරගල දියත් කළ ද මේ දක්වා කිසිදු රජයක් අධ්‍යාපනයට 6%ක් වෙන් කිරීමට අසමත් වීම තුළින් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට මහත් බලපෑමක් එල්ල වී ඇත.  

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?