Latestවිදේශීය

නවදිල්ලිය විෂ දුමෙන් වැසී යයි

ලොව වායු දූෂණය වැඩිම නගරය ලෙස හැඳින්වෙන ඉන්දීය අගනගරය වන නවදිල්ලියේ වායු දූෂණය තවත් ඉහළ යාම හේතුවෙන් පාසල් සහ අධ්‍යාපන ආයතන වසා දැමීමට රජය කටයූතු කර ඇත.

මේ අතර ඉන්දීය අගවිනිසුරු එන්. වී. රාමනර් මහතා ඉන්දීය රජයට දන්වා ඇත්තේ නවදිල්ලි නගරයේ වායු දූෂණය අවම කිරීමට ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.

තව ද නවදිල්ලි හී ඉදිකිරීම් කටයුතු ද නොවැම්බර් 21 වන දා තෙක් තහනම් කර ඇත.

 නවදිල්ලි නගරයේ ගල් අඟුරු බලාගාර 11 පිහිටා ඇති අතර ඉන් ක්‍රියාත්මක වීමට අවසර දී ඇත්තේ 5කට පමණි.

පසුගියදා පැවති දීපාවලි උත්සවයෙන් අනතුරුව දිල්ලිය විෂ දුමෙන් පිරී ගියේය.

වායු දූෂණය හේතුවෙන් එරට මහජනතාවගේ සෞඛ්‍ය තත්ත්වයට හානි සිදුවන බව එරට විශේෂඥයෝ පෙන්වා දී ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?