දේශීය

පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට

මන්නාරම ශාන්තිපුරම් වෙරළ ප්‍රදේශයේ දී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (21) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීතිවිරෝධි වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු තොගයක් සඟවා ගෙන සිටි සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

නීති විරෝධී ජාවාරම් කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ ප්‍රදේශය ආවරණය වන පරිදි නිරන්තර ‍මෙහෙයුම් සිදු කරනු ලබයි. ඒ අනුව උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංනානෞ තම්මැන්නා සහ ගජබා යන ආයතනයන්ට අනුයුක්ත විශේෂ නාවික හමුදා කණ්ඩායමක් විසින් මන්නාරම පොලීසිය හා එක්ව මන්නාරම ශාන්තිපුරම් වෙරළ ප්‍රදේශයේ ඊයේ දින විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදු කරන ලදී. එහිදී සැකකටයුතු නිවසක් පරීක්‍ෂාවට ලක්කර එහි නීති විරෝධී ලෙස සඟවා ගබඩා කර තිබූ කිලෝ 998 ග්‍රෑම් 750ක බරකින් යුත් වෝටර් ජෙල් (Water Gel) නැමති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු 7,990ක් සැකකරුවන් සතුව තිබි හමුව තිබේ.

මෙම වෝටර් ජෙල් (Water Gel) නැමති වාණිජ පුපුරණ ද්‍රව්‍ය තොගය ජාවාරම් කරුවන් විසින් රැගෙනවිත් පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් සිදු කරනු ලබන නීති වි‍රෝධී මත්ස්‍ය කර්මාන්තය සඳහා යොදා ගැනීමට මෙලෙස සඟවා තබන්නට ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සිදු කරන ලද මෙම මෙහෙයුම මගින් අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 54 සහ 57 වයස් වල පසුවන මන්නාරම ශාන්තිපුරම් සහ වංකාලේ ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හදුනාගන්නා ලද අතර අදාල සැකකරුවන් සහ පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශණ කටයුතු නාවික හමුදාව සහ මන්නාරම පොලීසිය මගින් සිදු කරනු ලබයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?