දේශීය

රාජ්‍ය සේවකයින් දැඩි ක්‍රියාමාර්ග වලට සැරසෙයි

රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම් සිදු නොකරන්නේ නම් එළඹෙන 29 වැනි දා සිට රාජ්‍ය සේවකයන් අඛණ්ඩව වැඩ වර්ජනයකට යොමු වන බව ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරී වෘත්තීය සමිති සම්මේලනය පවසයි.

එම සම්මේලනයේ ජාතික සංවිධායක ප්‍රදීප් බස්නායක මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආමන්ත්‍රණය කරමින් පසුගිය 13 වැනි දා ලිපියක් යොමු කර ඇති අතර එමගින් ඔහු දන්වා ඇත්තේ, මෙවර අයවැයෙන් රාජ්‍ය සේවකයන් නොසලකා හැර ඇති බවත් ඒ නිසාම රාජ්‍ය සේවකයන් හා ඔවුන්ගෙන් යැපෙන්නන් දැඩි ආර්ථික අපහසුතාවයකට පත්ව ඇති බවත් ය.

එබැවින් රාජ්‍ය සේවකයින් පිළිබඳව අවධානය යොමු කොට මාසිකව රුපියල් 16,000ක දීමනාවක් හෝ වැටුප් වැඩි වීමක් ලබා දෙන ලෙස බස්නායක මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.

ලබන 28 වන දිනට පෙර සිය ඉල්ලීම් සම්බන්ධයෙන් විසඳුම් නොලැබුණහොත් දීප ව්‍යාප්ත වැඩවර්ජන ක්‍රියාවලියකට යොමුවන බව ලිපියේ වැඩිදුරටත් සඳහන්ව ඇත.

මෙම ක්‍රියාමාර්ගයට රජ්‍ය අංශයේ සියලු නිලධාරින් සම්බන්ධ වෙන බව ද රාජ්‍ය කාර්යාලයන්හි කණිෂ්ඨ නිලධාරින් ග්‍රාමසේවා, කෘෂි පර්යේෂණ, ක්ෂේත්‍ර නිලධාරින්ද සම්බන්ධ වන බව ලිපිය මගින් අවධාරනය කර ඇත.

මෙවර අයවැය මගින් නිලධාරීන්ගේ විශ්‍රාමික වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීම හා රාජ්‍ය නිලධාරීන්ගේ වෘත්තිය අයිතිවාසිකම් කප්පාදු කර කතා කිරීමේ නිදහස කප්පාදු කරමින් ලියා ඇති රාජ්‍ය පරිපාලන ලේකම්ගේ චක්‍රලේඛය අහෝසි කරන ලෙස ද ලිපිය මගින් වැඩිදුරටත් ඉල්ලා ඇත.

රාජ්‍ය නිලධාරීන් නියමින් හෝ අනියමින් මර්දනය කරමින් මෙන්ම  රාජ්‍ය නිලධාරින් අපහසුතාවයට පත් කරමින් විවිධ පුද්ගලයෙන් සිදු කරනු ලබන ප්‍රකාශයන් පිළිබඳව ද තම විරෝධතාවය අදාල ලිපිය මගින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?