Latestදේශීය

තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයාගේ අශීලාචාර ප්‍රකාශය හෙලා දකිනවා – රෝහිණී කවිරත්න

තමන් පාර්ලිමේන්තුවේ නොකළ කතාවක් හුවා දක්වමින් තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රිවරයා කළ අශීලාචාර ප්‍රකාශය හෙලා දකිමින් අද පාර්ලිමේන්තුවේදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය වරප්‍රසාද ප්‍රශ්ණයක් මතුකරමින් අදහස් ඉදිරිපත් කළා. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කවිරත්න මන්ත්‍රීවරිය මෙසේ ප්‍රකාශ කළා.

මම හොද ජාතකයකින් හැදුනු කෙනෙක්. ඒ වගේම තිස්සකුට්ටි මන්ත්‍රීවරයාගේ ජාතකය ගැන කතාකරන්න යන්නේ නැහැ මොකද ඒක කාන්තාවක් වන ඔහුගේ මවට කරන අගෞරවයක් නිසා. මම පාර්ලිමේන්තුවේ නොකළ කතාවක් හුවා දක්වමින් මම ඉදිරිපත් නොකළ භාන්ඩ වර්ගයන් හී නම් ඉදිරිපත් කරමින් එම ඉදිරිපත් කිරිම තුළ භාන්ඩවල අරුත් වෙනස් කරමින් යටි පෙළ අරුත් හුවාදක්වමින් අශීලාචාර කතාවක් තිස්සකුට්ටි මන්ත්‍රිවරයා මෙම ගරු සභාවේ ඉදිරිපත් කර තිබීම ඉතාම පහත් ක්‍රියාවක්.

අනිත් කරුණ මෙම සභාවේ නොසිටින, මෙම සභාව තුළ සිදුකරන කිසිදු ප්‍රකාශයකට පිළිතුරු දීමට අවස්ථාවක් නැති ජනනි ප්‍රේමදාස මැතිණිය ගැන සදහන් කරමින් එතුමියට අපහාස වන අයුරින් කතා මන්ත්‍රිවරයා කතා කළා. එතුමියට මෙම සභාවට ඇවිල්ලා උත්තර දෙන්න අවස්ථාවක් නැහැ.

කෙනෙකුගේ පෞරුෂයට බලපාන ප්‍රධාන සාධක දෙකක් තියෙනවා. එකක් ආරය. අනික පරිසරය. ආරය කෙනෙකුට ජානවලින් එන දෙයක්. ඒක මට වෙනස් කරන්න බැහැ. පරිසරය කියන්නේ ආශ්‍රය කරන පිරිස නිසා ඇතිවන පෞරුෂය. ආශ්‍රය කරන පිරිස නිසා එතුමාට නොමග යන තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා කියලා මම හිතනවා.

ගිරා පෝතකයෝ දෙන්නාගේ කතාවමේ සිද්ධිය නිසා මට නැවත මතක්‌ වෙනවා.

තිස්සකුට්ටි මන්ත්‍රිවරයා කතාව සිදුකරන මොහොතේ මුළසුන හොබවපු අජිත් රාජපක්ෂ මන්ත්‍රිතුමාට නලීන් බන්ඩාර මන්ත්‍රිතුමා කියනවා තිස්සකුට්ටි මන්ත්‍රිතුමා කළ අශීලාචාර කතාව පැහැදිලි කර දීලා ඒ වචන ඉවත් කරන්න කියලා. නමුත් එහෙම පෙන්නලා දුන් පසුවවත් අජිත් රාජපක්ෂ මන්ත්‍රිතුමාට එම කරුණ නොවැටහීම ඛේදවාචකයක් ලෙස මම දකිනවා ඒ පිළිබදව මම කණගාටුවට පත් වෙනවා.

ගරු කතානායකතුමාගෙන් මම ඉල්ලා සිටිනවා  අජිත් රාජපක්ෂ මන්ත්‍රිතුමාට ඔය පූටුවේ වගකීම පැහැදිළිකර දෙන්න. මමත් ඔය පුටුවේ වාඩි වෙනවා. ඒ වගේම ඔය පුටුව වාඩිකරනකොට ඇස් පේන කන් ඇහෙන අය ඔය පුටුවේ වාඩිකරවන්න, නීතිය ගැන දන්න, තීරණ ගන්න පුළුවන්.  

තිස්සකුට්ටි මන්ත්‍රිවරයා කළ ප්‍රකාශය හුදු දේශපාලනික ප්‍රකාශයක් බව පැහැදිළියි. එම අදහස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලනය ද  යන්න මම එහි නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් විමසනවා.

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ලෙස සිටි සමයේ කාන්තා දිනයකදී කළ ප්‍රකාශයක් මට මතකයි. එතුමා කිවුවේ රටක සමාජයක ස්වරූපය මැනිය හැකි මිනුම්දන්ඩක්  වනුයේ රටක් කාන්තාවන්ට සලකන ආකාරයෙන් කියලා. මම අගමැතිතුමාගෙන් අහනවා මන්ත්‍රිවරයාගේ ප්‍රකාශය තුළ කාන්තාවන්ට සලකා ඇති ආකාරය පිළිබදව ඔබතුමාට අනුමත කරන්න පුලුවන් ද කියලා? කතානායක තුමාට මෙම කතාව අනුමත කරන්න පුළුවන් ද?  සභානායකතුමා ජ්‍යෙෂ්ඨ ඇමතිකෙනෙක් ලෙස මෙම කතාව අනුමත කරනවා ද? මෙතන නොහිටියත්  ආන්ඩුපක්ෂයේ සංවිධායක තුමන් මෙම කතාව අනුමත කරනවා ද? බැසිල් රාජපක්ෂ මැතිතුමා මෙතෙන ඉන්නවා.රාජපක්ෂවරු මේ කතාව අනුමත කරනවා ද කියන එක ඔබතුමා  මේ සභාවට පවසන්න. ජ්‍යෙෂ්ඨ අමාත්‍ය වාසුදේව නානායක්කාර මැතිතුමා මෙතන ඉන්නවා. ඔබතුමා මේ කතාව අනුමත කරනවා ද?

තිස්සකුට්ටි ආරච්චි මන්ත්‍රීතුමන්ගේ මවත් කාන්තාවක්. බිරිදත් කාන්තාවක්. දියණියක් සොයුරියක් සිටීනම් ඒ අයත් කාන්තාවන්. මම අහනවා එතුමා කළ කතාවේ වාක්‍ය කොටස එතුමාගේ සමීපතම එම පිරිසගේ කාගෙන් හරි අහන්න කියලා කිවුවොත් එතුමා ඒකට එකගවෙනාවද කියලා මම අහනවා.

රෝහිණී කවිරත්න මන්ත්‍රිවරිය කළ සම්පූර්ණ කතාව පහත සබැදියෙන්.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?