Latestදේශීය

ඉල්ලීම් දිනාගන්නා තුරු දිගටම සටන් කරනවා – තැන්නේ හිමි

ඒකාබද්ධ අභ්‍යාසලාභී එකමුතුව විසින් යාපනය මාධ්‍ය සමාජය කේන්ද්‍රයේදී පසුගිය දා මාධ්‍ය හමුවක් කැදවා තිබුනා. එම මාධ්‍ය හමුවේදී ඔවුන් අවධාරණය කළේ අභ්‍යාසලාභී පුහුණුව සදහා බදවාගත් 52929ක් වූ රැකියා විරහිත උපාධිධාරීන් හට අසාධාරණකම් රැසක් සිදුව ඇති බවයි. තවද තම සාධාරණ ඉල්ලීම් ඉටු කිරීමට රජය අපොහොසත් වුවහොත් ඉදිරියේදී දැඩි තීරණ සදහා එළඹීමට ඒකාබද්ධ අභ්‍යාසලාභී එකමුතුව ලෙස තීරණය කර ඇති බව මෙහිදී අවධාරණය කළා.

එම මාධ්‍ය හමුවේදී ඒකාබද්ධ අභ්‍යාසලාභී එකමුතුවේ මධ්‍යම කමිටුව නියෝජනය කරමින් අදහස් දැක්වූ තැන්නේ ඥානානන්ද හිමියන්, 

මේ වෙනකොට ලංකාවේ රැකියා විරහිත උපාධිරධාරීන් ලෙස හිටපු උපාධිධාරීන් දැන් බදවගෙන තියෙනවා අදියර 3ක් යටතේ අභ්‍යාසලාභී පුහුණුවට. ඒකෙ පළවෙනි අදියර විදියට සැප් 02 වෙනිදා  43616 ක් බදවා ගත්තා. 2021 පෙබරවාරි 01වෙනිදා 8076 ක් බදවා ගත්තා. මාර්තු 22 වෙනිදා 938 බදවා ගත්තා. ඒ අනුව මුළු බදවාගත් සංඛ්‍යාව 52929 යි.

මෙම බදවාගැනීමේ දී ඊ පී එෆ් ගැටලුවට අදාලව ගත්තොත් විටින් විට බදවාගනීමට මාස 6ක කාලයක් ඇදුනා. එම මාස 6ක කාලය  සලකන්නේ නැතුව ඔවුන් සියලු දෙනාවම එක කන්ඩායමක් ලෙස සලකා ස්තීර කරන බව පැවසුවා.

නමුත් දැන් රාජ්‍යසේවා අමාත්‍යංශයේ ලේකම් රත්නසිරි මහතා ප්‍රකාශ කරලා තියෙනවා මේ කන්ඩායම් 3 අවස්ථා 3කදි ස්තීර කරන බව. මේකට අපි සම්පූර්ණයෙන්ම විරුද්ධයි. අභ්‍යාසලාභින් විදියට අපි මේකට විරුද්ධව ක්‍රියාමාර්ග සදහා අවතීර්ණ වෙනවා.  මොකද අපි දිගින් දිගටම කියපු එකක් තමයි අපෙන් වැඩ ගනිද්දී, පාරිභෝගික සේවා අධිකාරියේ, ගුරුඅරගලය මැද ගුරුවරු විදියට වැඩ කරද්දී,  ඒවගේම වසරක කාලයක් විවිධ වැඩබිම් වල පාසල් වල ක්ෂේත්‍ර වල අපි වැඩ කරද්දී අපිව එකම කන්ඩායමක් සේ සලකා ස්තීර කරන ලෙස. මොකද බදවාගනිද්දී තිබුනු එකගතාවය ඒක. එම එකගතාවය නොසලකා හැර කටයුතු කරනවා නම් අපි කියනවා ආන්ඩුවට අපි ඒ අයුක්තිසහගත වැඩේට කිසිසේත්ම එකග නැති බව.

සමහර ස්තීර සේවකයෝ පවා අඩි පසුපසට ගද්දී අපි අභ්‍යාසලාභීන් ලෙස වැඩ කළා. වැඩ කරද්දී ප්‍රමුඛතා ලැයිස්තුවේ ඉස්සරහින් තියන්නත් ස්තීර කිරීමේදී අපිව ලයිස්තුවේ අවසානයට ගේන්නත් ආන්ඩුව කටයුතු කරනවා නම් අපිට ඒ අසාධාරණය ඉවසාගෙන ඉන්න බැහැ. අපි අනිවාර්යයෙන්ම මේ තීරණයට විරුද්ධව පියවර ගන්නවා.

ඒ වගේම දැන් මේ අයවැය ගත්තම අයවැයෙන් මිලියන 7600 වෙන්කළා අභ්‍යාසලාභී ගුරුවරුන් ස්තීර කරන්න. නමුත් ජනවාරි 01 සිට ස්තීර කරනවා කියලා කිවුවාට එතනත් ගැටලුවක් තියෙනවා. ජනවාරි 01 නම් 01 කියන්න. එක සිට කියලා අවිනිෂ්චිත කතා කියන්න එපා. මේ ප්‍රශ්ණ රාජ්‍ය සේවකයාගේ පිටින් දානවා නම් ඒකටත් අපි විරුද්ධයි.

ඒ නිසා මෙන්න මේ ප්‍රශ්ණවලට එරෙහිව අපි 29 වෙනිදා රාජ්‍යසේවයේ වැඩවර්ජන සහ ක්‍රියාමාර්ග වලට සහය වෙමින් එක කන්ඩායමක් ලෙස ඒකාබද්ධ සංවර්ධන නිළධාරී මධ්‍යස්ථානය සහ ඒකාබද්ධ අභ්‍යාසලාභී එකමුතුව ලෙස මේ අසාධාරන තීරණ ගැන  විමසීම සදහා රාජ්‍ය සේවා අමාත්‍යංශයට යනවා.

එදාම ගුරු බදවාගැනීම් ක්‍රියාමාර්ග මොකක්ද කියලා විමසන්න අධ්‍යාපන අමාත්‍යංශයට යනවා. අපේ සාධාරණ ඉල්ලීම් දිනා ගන්නා තුරු රැකියා විරහිත උපාධිධාරීන් ලෙසත් අභ්‍යාසලාභීන් ලෙසත් පෙර පරිදිම අරගලයට අතීර්ණ වෙනවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?