දේශීය

විදුලි ඉංජිනේරුවන් අද සිට අකුරට වැඩ

අද (25) මධ්‍යහන 12 සිට ක්‍රියාත්මක වන පරිදි අකුරට වැඩ කිරිමේ අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසයි.

ඉල්ලීම් 6ක් මුල් කරගන මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරත වන බවයි කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකදී ඔවුන් පැවසුවේ.

  • අවිධිමත් සහ නීත්‍යානුකුල නොවන නිව් ෆෝට්‍රෙස් LNG ගනුදෙනුව ක්‍රියාත්මක නොකිරීම.
  • දැනට සිදු වන LNG ටෙන්ඩර් ක්‍රියාවලිය අඛණ්ඩව ඉදිරියට පවත්වාගන යාම.
  • විදුලි බල මණ්ඩලය කොටස්වලට වෙන් කිරීමේ වැඩපිළිවෙළ අත්හිටුවීම.
  • 1969 අංක 17 දරණ විදුලිබල මන්ඩල පනත සංශෝධනය අත්හිටුවීම.
  • සමාන්‍යාධීකාරී තනතුර දේශපාලනීතරණයෙන් වැළැක්වීම..
  • ජ්‍යෙෂ්ඨ කළමානාකාරවරුන් මාරුකර යැවීම අත්හිටුවීම.

විදුලි ඉංජීනේරුවන්ගේ ඉල්ලීම් වේ.

ඒ අනුව අද දහවල් 12.00 සිට ක්‍රියාත්මක වන අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගය අනුව ඔවුන් සේවයට වාර්තා කරන්නේ උදෑසන 8.30 සිට සවස 4.15 දක්වා පමණයි.

නමුත් හදිසි තත්වයන් හා බිඳ වැටීම්වලදී පමණක් නියමිත රාජාකාරී කාලයෙන් පිටත සේවයෙන් වාර්තා කරන බව විදුලි ඉංජිනේරු සංගමය පවසයි.

මේ වන විට කැබිනට් මණ්ඩලය පත් කළ ප්‍රසම්පාදන කමිටු, තාක්ෂිනික කමිටු, ව්‍යාපෘති කම්ටු, සාකච්ඡා සම්මුති කමිටු, ටෙන්ඩර් විවෘත්ත කිරීමේ කමිටු ඇතුළු කටයුතුවලින් ද ඉවත්වන බව ඔවුන් සඳහන් කළේය.

වෘත්තීය සමිති ක්‍රියාමාර්ග කාල සීමාව තුළ විදුලි බල මණ්ඩලවෙය් සභාපතිවරයාට සහයෝගය නොදැක්වීමේ ක්‍රියාමාර්ගය අනුගමනය කරන බව ද විදුලි ඉංජිවෙන්රු සංගමය පවසයි.

තම ඉලීලීම් සඳහා සාධාරණ විසදුමක් නොලැබෙන්නේ නම් දැනට ආරම්භ කරන පළවෙනි මට්ටමේ අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගය දෙවන මට්ටම දක්වා ව්‍යාප්ත කරන බවයි ඔවුන් සඳහන් කළේ.

එසේ කළ හොත් බිඳ වැටීම් හා හදිසි තත්ත්වයන්වලින් ද ඉවත් වීමට සිදු වන බව ලංකා විදුලි බලමණ්ඩලයේ ඉංජිනේරු සංගමය වැඩි දුරටත් සඳහන් කළේය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?