ක්‍රීඩා

කොදෙව්න් ශ්‍රී ලංකා ඉනිම ලකුණු 204කට සීම කරයි

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවන ටෙස් ක්‍රිකට් තරගයේ දෙවන දිනය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ අද (30) ආරම්භ විය.  

එහිදී  ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 204කට සීමා කිරීමට කොදෙව් පන්දු යවන්නන් සමත් විය.

පැතුම් නිශ්ශංක ලකුණු 73ක් රැස් කළ අතර ඔහු ඊයේ (29) දිනය නිමාවන විට සිය තුන්වන ටෙස් අර්ධ ශතකය වාර්තා කළේය.

ඊයේ පළමු දිය නිමාවට පත්වන විට තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 113ක් රැස් කරගෙන සිටියේය.

ශ්‍රී ලංකා ටෙස් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න ලෝක වාර්තාවක් අහියස සිටිමින් ඊයේ දින ක්‍රීඩා කළ ද ඔහුට එම අවස්ථාව අහිමි විය.ඒ ඔහු ඊයේ තරගයෙන් ලකුණු 42කට දැවීයාමත් සමගිනි.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ටෙස් තරගවලදී පිට පිට ඉනිමවලදී ලකුණු 50ක් හෝ ඊට වඩා වැඩි ලකුණු සංඛ්‍යාවක් වාර්තා කළ ක්‍රීඩකයින් මේ වන විට 6 දෙනෙක් සිටින අතර එම ලැයිස්තුවට ඇතුළු වීමට තිබූ අවස්ථාවයි ඊයේ දිමුත් කරුණාරත්නට අහිමි වූයේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?