Latestදේශීය

රටපුරා ගෑස් බෙදා හැරීම අත්හිටුවයි

නැවත දැනුම්දෙන තුරු ගෑස් වෙළඳපොළ වෙත නිකුත් කිරීම අත්හිටුවීමට පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ.

කෙසේ නමුත් ලාෆ් ගෑස් සමාගම සඳහන් කරන්නේ මෙතෙක් තම සමාගමට රජය විසින් එවන් දැනුම් දීමක් සිදු කර නොමැති බවයි.

මේ වනවිට ආන්දෝලනාත්මක ප්‍රශ්නයක් බවට පත්ව ඇති ගෑස් ආශ්‍රිත ගිනි ගැනීම් හා පිපිරීම් රටේ සෑම ප්‍රදේශයකින් දිගින් දිගටම වාර්තා වෙමින් පවතින අතර ගෑස් පිපිරීම්වලට අදාළව පොලිස් විමර්ශන ඔස්සේ ඉදිරි පරීක්ෂණ සිදු කරන බව එම අමාත්‍යංශය සඳහන් කළේය.

අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කළේ ගෑස් පිපිරීම්වලට අදාළව විමර්ශන අවසන් කළ වාර්තා අමාත්‍යංශයට කැඳවා ඇති බවයි.

මේ අතර ගෑස් සිලින්ඩර ආශ්‍රිත ගිනි ගැනීම් හෝ පුපාරායාම් පිළිබඳ විමර්ශනයට පත් කළ ජනපති කමිටුව ගෑස් අශ්‍රිත අනතුරු වළක්වා ගැනීම සඳහා ගත යුතු හදිසි පියවර සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා උපදෙස් මාලාවක් ද ඊයේ (02) නිකුත් කළේය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?