දේශීය

ගෑස් සමාගම් හා වගකිවයුත්තන්ට එරෙහිව රිට් පෙත්සමක්

නිසි ප්‍රමිතියකින් තොර ගෑස් මෙරටට ගෙන්වීම හේතුවෙන් ඇති වූ අනතුරුදායක සිද්ධීන් සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් වී තිබේ.

බන්දුල ගුණවර්ධන හා ලසන්ත අලගියවන්න යන අමාත්‍යවරුන්ට සහ පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති, ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් යන අයට එරෙහිව අපරාධ නීතිය යටතේ විමර්ශනයක් සිදු කරන ලෙස පොලිස්පතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා එම රිට් පෙත්සම ගොනු කර ඇත.

සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයකු වන නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් අදාළ පෙත්සම ඉදිරිපත් කළේය.

පෙත්සම්කරු කියා සිටින්නේ නිසි ප්‍රමිතියකින් තොර LP ගෑස් ආනයනය කර බෙදා හැරීම හේතුවෙන් අනතුරුදායක සිදුවීම් ගණනාවක් මේ වනවිට දිවයිනේ සියලු ප්‍රදේශවලින් වාර්තා වී ඇති බවයි.

මේ හේතුවෙන් දැනට වෙළෙඳපොළ වෙත මුදාහැර ඇති ගෑස් සිලින්ඩර ආපසු කැඳවන ලෙස ලිට්‍රො සහ ලාෆ්ස් ගෑස් සමාගම් වෙත නියෝගයක් නිකුත් කරන මෙන් ද පෙත්සමෙන් ඉල්ලා තිබේ.

විධිමත් පරීක්ෂණයක් පවත්වා ආරක්ෂාව තහවුරු කරන තුරු වෙළෙඳපොළට ගෑස් සිලින්ඩර මුදාහැරීම වැළැක්වීමේ නියෝගයක් අදාළ සමාගම් වෙත නිකුත් කරන ලෙස ද පෙත්සමෙන් ඉල්ලා තිබේ.

මේ පිළිබඳව විධිමත් පරීක්ෂණ පවත්වා පිපිරීම් හේතුවෙන් අගතියට පත් පවුල්වලට වන්දි ගෙවන නියෝගයක් නිකුත් කරන ලෙස ද පෙත්සම්කරු අභියාචනාධිකරණයෙන් ඉල්ලා ඇත.

මෙම රිට් පෙත්සම හෙට (09) දින සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලීමට නියමිතය.

එමෙන්ම ලිට්‍රො සහ ලාෆ්ස් ගෑස් සමාගම්වල සියලු වත්කම් අත්හිටුවීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ද පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?