දේශීය

ශ්‍රී පාද වන්දනාවේ රෙගුලාසි ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කරයි

මෙවර ශ්‍රී පාද වන්දනා සමය වෙනුවෙන් නව රෙගුලාසි ඇතුලත් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනයට අනුව මෙවර ශ්‍රී  පාද වන්දනා සමය ලබන 18 වන දා සිට 2022 වසරේ මැයි මස 16 වන දා දක්වා පැවැත්විමට නියමිතය.

අදාල ගැසට් නිවේදනය මගින් ශ්‍රී පාද වන්දනාවේ නිරත වන බැතිමතුන් සඳහා කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග ද සඳහන් කර තිබේ.

ඒ අනුව බැතිමතුන් කොවිඩ් මර්දන එන්නත්කරණය සිදුකළ බව තහවුරු කෙරෙන කාඩ්පත හෝ එහි ඡායා පිටපතක් ලග තබාගත යුතු බව එම ගැසට් නිවේදනයේ දක්වා ඇත.

එමෙන්ම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරනු ලබන නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදිමින් මුඛ ආවරණ පැළදීම හා දුරස්ථභාවය පවත්වා ගනිමින් ශ්‍රී පාද වන්දනාවේ නිරත විය යුතුය.

ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන පිරිස් ශ්‍රී පාද මළුව තුළ නවාතැන් නොගෙන වන්දනාමාන කිරීමෙන් අනතුරුව පිටව යා යුතු බව ගැසට් නිවේදනයෙන් සඳහන් කර ඇත.

මීට අමතර වෙළදාම් සහ දන්සැල් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව සිදුකළ යුතු අතර සිරිපා මළුව, විශ්‍රාම ශාලා ප්‍රදේශවල මෙන්ම ගමන් මාර්ගයේ දී සංචාරක වෙළදාම් තහනම් කර තිබේ.

දිස්ත්‍රික් ලේකම්වරිය හෝ බලයලත් නිලධාරියෙකු විසින් අවසර ලබාදී ඇති ස්ථානවල හැර පූජා භාණ්ඩ, පූජා වට්ටි හෝ වෙනත් ද්‍රව්‍ය අලෙවි නොකළ යුතු බව සඳහන්ය.

මත්පැන්, දුම්වැටි හෝ වෙනත් කිසිදු මත්ද්‍රව්‍යයක් ගමන් මාර්ගවල රැගෙන යාම හෝ වෙළඳසැල්වල තබා ගැනිම, අලෙවිකිරීම, මිලදී ගැනීම හෝ භාවිත කිරීම ද තහනම් කර තිබේ.

මේ අතර ආහාරපාන දන්සැල් ලබාදිමට අවසර හිමි නොවන අතර අත්‍යවශ්‍යම යම් අයෙකු සිටීනම් මුඛ ආවරණ හෝ සනීපාරක්ෂක ද්‍රව්‍ය දන්සැල් ශ්‍රී පාද වන්දනාවේ යෙදෙන මාර්ගවල ආරම්භක ස්ථානවල පැවැත්විය හැකි බව සඳහන් වෙයි.

කෙසේ වෙතත් ඒ සඳහා දිස්ත්‍රික් ලේකම්වරියගේ හෝ බලයලත් නිලධාරියෙකුගේ පූර්ව අවසරය ලබා ගත යුතු බව අදාල ගැසට් නිවේදනයේ වැඩි දුරටත් සඳහන් කර ඇත.

මේ අතර එළඹෙන ශ්‍රී පාද වන්දනා සමය වෙනුවෙන් මාධ්‍ය වෙත අදහස් දැක් වූ ශ්‍රිපාදස්ථානාධිපති අතිපූජ්‍ය බෙංගමුවේ ධම්මධින්න හිමි සඳහන් කළේ සෞඛ්‍ය මාර්ගෝපදේශ භාවිත කරමින් ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන ලෙසටයි.

අදාළ ගැසට් නිවේදනය පහතින්,

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?