විදේශීය

හොංකොං ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ ගින්නක්

හොංකොං ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ අද (15) දහවල් ඇති වූ  ගින්නක් හේතුවෙන් පුද්ගලයින් 100 දෙනෙකුට අධික පිරිසක් එහි වහලය මත සිර වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

මුදා ගැනීමේ කණ්ඩායම් පැමිණෙන තෙක් ඔවුන් මෙලෙස එහි සිර වී සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

හොංකොං පොලීසය සඳහන් කර ඇත්තේ අවම වශයෙන් පුද්ගලයින් 08 දෙනෙකු ගින්නෙන් තුවාල ලබා ඇති අතර ඔවුන් ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති බවයි.

ප්‍රතිසංස්කරණය කරමින් පවතින අදාළ ගොඩනැගිල්ලේ යන්ත්‍ර කාමරයේ මෙම ගින්න හටගෙන ඇති අතර පෙලිසය සඳහන් කර ඇත්තේ අනතුරුව එම ගින්න පලංචි දක්වා පැතිර ඇති බවයි.

සිද්ධියෙන් මෙතෙක් මරණ සිදු වූ බවට වාර්තා වී නොමැති බවත් මුදා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බවත් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත.

තුවාල ලැබූ 08දෙනා වයස අවුරුදු 31ත් 72ත් අතර වයස්වල පසු වූවන් බව වාර්තා වේ.

බලධාරීන් සඳහන් කර ඇත්තේ මේ වන විට පුද්ගලයින් 150දෙනෙකු පමණ මුදාගෙන ඇති බවයි.

හොංකොං ලෝක වෙලඳ මධ්‍යස්ථානය මහල් 38කින් සමන්විතය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?