දේශීය

සතොසෙන් සහන මිලට භාණ්ඩ මල්ලක් – බන්දුල ගුණවර්ධන

එළ‌ඹෙන උත්සව සමය වෙනුවෙන් සතොස ආයතනයෙන් භාණ්ඩ පැකේජයක් ලබා දීමට කටයුතු කර ඇති බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

ඒ අනුව අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළත් මෙම භාණ්ඩ මල්ල රුපියල් 1,998ක මුදලකට ලබා දෙන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

1998 අංකය ඇමතීමෙන් එම සහන මල්ල ඇනවුම් කිරීමට හැකියාව ඇති අතර 0115 201 998 අංකයට වට්ස්ඇප් පණිවුඩයක් යොමු කිරීම මගින් ද අදාළ සහන මල්ල ඇනවුම් කිරීමේ හැකියාව පවතී.

ඇණුවුම ලද දිනයේ සිට පැය 48ක් ඇතුළත රුපියල් 150ක මුදලක ප්‍රවාහන ගාස්තුවක් අය කරමින් මෙන්ම භාණ්ඩ මල්ල දිවයිනේ ඕනෑම ප‍්‍රදේශයක නිවසටම ලබාදෙන බවත් මෙම සහන මල්ල සමග පඩම් පැකට් එකක් නොමිලයේ ලබාදෙන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

එම විශේෂ සහන මල්ල සඳහා සම්බා සහල් කිලෝ 10ක්, දුඹුරු සීනි කිලෝ 2ක්, නූඩ්ල්ස් පැකට් 1ක්, තේ කොළ ගෑම් 100ක්, හාල්මැස්සෝ ගෑම් 250ක්, සබන් කැට 2ක් සහ පපඩම් පැකට් 1ක් ඇතුළත් ය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?