ක්‍රීඩා

ගෝල් ග්ලැඩියේටර්ස් LPL අවසන් මහා තරගයට

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ඊයේ (19) ගෝල් ග්ලැඩියේටස් කණ්ඩායම සමත් විය.

ඒ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ලකුණු 64කින් පරාජයට පත් කරමිනි.

තරගයේ කාසියේ වාසිය දිනු ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ ආරාධනයෙන් ගෝල් ග්ලැඩියේටස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දෙන ලදි.

ඒ අනුව නියමිත පන්දුවාර 20 අවාසනයේ කඩුලු 5ක් දැවි ලකුණු 188ක් රැස් කිරීමට ගෝල් ග්ලැඩියේටස් කණ්ඩායමට හැකි විය.

එහිදී කුසල් මෙන්ඩිස් පන්දු 53කදී ලකුණු 85ක් රැස් කළ අතර ධනුෂ්ක ගුණතිලක ලකුණු 55ක් රැස් කළේය.

ජැෆ්නා කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේ දී වහාබ් රියාස් සහ තිසර පෙරේරා කඩුලු දෙක බැගින් දවා ගත්හ.

ලකුණු 189ක ජයග්‍රාහි ඉලක්කයක් සමග පිටියට පිවිසි ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට පන්දුවාර 16යි පන්දු 5කදී සියලු දෙනා දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 124ක් පමණි.

එහිදී රහ්මානුල්ලා ගුර්බාස් ලකුණු 59ක් රැස්කළ අතර වනිඳු හසරංග ලකුණු 29ක් රැස් කළේය.

ගෝල් ග්ලැඩියේටස් කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී නුවන් තුෂාර ලකුණු 13කට කඩුලු 5ක් දවා ගත්තේ ය.

කෙසේ වෙතත් ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට තවත් එක් අවස්ථාවක් ඉතිරිව තිබේ.

තරගාවලියේ අවසන් පූර්ව වටයේ පළමු තරගයෙන් ජය ගත් දඹුල්ල ජයන්ස් කණ්ඩායම සමගින් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම හෙට (21) තරග වදින අතර එම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම ගෝල් ග්ලැඩියේටස් කණ්ඩායම සමග අවනස් මහා තරගයට තරග වැදීමට නියමිතයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?