Latestදේශීය

ආහාර හිඟ වුණොත්, කළ යුතු දේ ගැන කෘෂි ලේකම් කියයි

අද වන විට රට තුළ ඇති අර්බුද හේතුවෙන් ආහාර හිඟයක් ඇතිවීමට ඉඩ තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ මහතා පවසයි.

ඊයේ (21) පෙරවරුවේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ලේකම්වරයා සඳහන් කළේ පුද්ගලයින්ට පරිභෝජනය සඳහා රට තුළ ආහාර තිබීම අනිවාර්ය වන අතර කිසියම් අයුරකින් ආහාර අර්බුදයක් ඇති වුවහොත් ආහාර හුවමාරු ක්‍රමවේදයකට යා යුතු බවයි.

ආහාර හුවමාරු ක්‍රමවේදය පිළිබඳ වැඩි දුරටත් අදහස් දක්වමින් ලේකම්වරයා කියා සිටියේ, ආහාර හුවමාරුවක් යනු බඩ ඉරිඟු භෝගයේ අතිරික්තකයක් පවතින්නේ නම් මිත්‍ර රටකින් අප රටට අදාල භෝගයට සරිලන පරිදි අවශ්‍ය ටොන් ප්‍රමානය ලබා දෙන ලෙස ඉල්ලා ඒ වෙනුනේ මෙරටින් කිසියම් දෙයක් ඒ සඳහා ප්‍රදානය කළ යුතු බවයි.

“උදාහරණයක් ලෙස එය හරියට ණය ලබාදෙන විට දී සල්ලි දෙන ආකාරයේ ක්‍රියාවක් බවත් ඇතැම් අවස්ථාථාවල දී එවන් තීරණයකට එළඹුණේ ඇයි දැයි යන ගැටලුව අපට මතුවීමට වුව ද ඉඩකඩ ඇති බවත් එහෙත් පළමුවෙන්ම කළ යුත්තේ ප්‍රධාන අර්බුදයට කඩිනමින් විසඳුම් සෙවීම බවත්” ලේකම්වරයා සඳහන් කළේය.

මෙහි දී මහාචාර්ය උදිත් ජයසිංහ මහතා අවධාරණය කරන්නේ කිසියම් අයුරකින් ආහාර අර්බුදයකට රට පත් වුවහොත් රට තුල ජීවත් වන ආහාර අත්‍යවශ්‍යම කාණ්ඩ වන ගැබිනියන්, මව්වරුන්, දරුවන්, රෝගීන් සඳහා ප්‍රමුඛතාව ලබා දී තරුණයින් වැනි කාණ්ඩ ආහාර අවම කිරීමේ වැඩපිලිවෙලකට යොමු වෙමින් සුළු හෝ කැප කිරීමක් රට වෙනුවෙන් කිරීම සුදුසු බවයි.

අත්‍යවශ්‍ය නොවන ආහාරපාන ආනයනය සීමා කර කිරිපිටි ආදී අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පමණක් ආනයනයට අවධානය යොමු කිරීම උචිත බව ලේකම්වරයා පෙන්වා දේ.

කෙසේ වෙතත් ජනතාවට ආහාර හිඟයක් ඇති කිරීමට තුන් හිතක හෝ උවමනාවක් නොමැති බව ද කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්වරයා වැඩි දුරටත් සඳහන් කළේය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?