දේශීය

නව රාජ්‍ය තාන්ත්‍රිකයින් 17ක් අක්තපත්‍ර භාර දෙයි

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු 11 දෙනෙකු සහ මහ කොමසාරිස්වරු 06 දෙනෙකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සිය අක්තපත්‍ර භාර දී තිබේ.

ඊයේ (21) පස්වරුවේ ජනාධිපති මන්දිරයේ දී ඔවුන් අක්තපත්‍ර භාරදුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ඊජිප්තුව, ඉන්දුනීසියාව, ජෝර්දානය, ප්‍රජාතන්ත්‍රවාදී මහජන කොරියානු ජනරජය, හංගේරියාව, මොරිටේනියාව, ටියුනීසියාව, ආජන්ටිනාව, ඩොමිනිකා ජනරජය, ස්පාඤ්ඤය සහ ස්ලෝවේනියාව සඳහා නව තානාපතිවරු පත්ව සිටිති.

සියෙරා ලියෝන්, රුවන්ඩාව, බොස්ට්වානා, මෝල්ටාව, ගයානා ජනරජය සහ නයිජීරියාව සඳහා නව මහ කොමසාරිස්වරු පත්ව සිටිති.

1.සියෙරා ලියෝන්හි මහ කොමසාරිස් ලෙස අර්නස්ට් මයිම්බා මහතා

2.ජෝර්දාන තානාපති ලෙස මොහමඩ් අල් – කේඩ් මහතා

3.ප්‍රජාතන්ත්‍රවාදීමහජනකොරියානුජනරජයේ තානාපති ලෙස චෝයි හුයි චෝල් මහතා

4.රුවන්ඩාවේ මහ කොමසාරිස් ලෙස මුකන්ගිරා ජැකලීන් මිය

5.බොස්ට්වානා මහ කොමසාරිස් ලෙස ගිල්බර්ට් ශිමේන් මැන්ගෝල් මහතා

6.මෝල්ටාවේ මහ කොමසාරිස් ලෙස රූබන් ගව්චි මහතා

7.හංගේරියාවේතානාපති ලෙස අන්ද්‍රෙස් ලස්ලෝ කයිරලි මහතා

8.මොරිටේනියාවේ තානාපති ලෙස මොහමඩ් අහමඩ් රාරා මහතා

9.ටියුනීසියාවේ තානාපතිනිය ලෙස හයෙට් ටැල්බි බිලෙල් මිය

10.ආජන්ටිනාවේ තානාපති ලෙස හියුගෝ හවියෙර් ගෝබි මහතා

11.ගයානා ජනරජයේ මහ කොමසාරිස් ලෙස චරන්දාස් පර්සාද් මහතා

12.ඊජිප්තුවේ තානාපති ලෙස මගෙඩ් මොස්ලේ නෆෙයි මහතා

13.ඩොමිනිකා ජනරජයේ තානාපති ලෙස ඩේව්ඩ් එමැනුවෙල් පග් මහතා

14.නයිජීරියාවේ මහ කොමසාරිස් ලෙස අහමඩ් සුලේ මහතා

15.ඉන්දුනීසියාවේ තානාපතිනිය ලෙස දේවි ගස්ටිනා ටොබින්ග් මිය

16.  ස්පාඤ්ඤයේ තානාපති ලෙස හෝසේ මරියා ඩොමින්ගස් මහතා

17.ස්ලෝවේනියාවේ තානාපතිනිය ලෙස මටේජා ගෝෂ් මිය

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?