ක්‍රීඩා

දෙවැනිවරටත් LPL ශූරතාවය ජැෆ්නා කිංග්ස්ට

ජැෆ්නා කිංග්ස් කණ්ඩායම 2021 ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් කුසලානය දිනා ගත්තේ ය.

ඒ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවති අවසන් තරගයේ දී ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ලකුණු 23කින් පරාජය කරමිනි.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ පළමු කඩුල්ලට අවිශ්ක ප්‍රනාන්දු සහ රහ්මනුල්ලා ගුර්බාස් ලකුණු 56ක සබඳතාවක් ගොඩනැගී ය.

ගුර්බාස් ලකුණු 35 යි.

වේගවත් පිතිහරඹයක නිතර වූ ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු පන්දු 41කින් 4 පහර 8ක් සහ 6 පහර 2ක් ද සමගින් ලකුණු 63ක් රැස් කළේ ය.

ශොහීබ් මලීක් ලකුණු 23යි.

ටොම් කැඩ්මෝර් පන්දු 41කින් නොදැවී ලකුණු 57ක් රැස් කරගෙන සිටියේ ය.

6 පහර 3ක් සහ 4 පහර 2ක් ඔහුගේ ඉනිමට ඇතුළත් ය.

නායක තිසර පෙරේරා ලකුණු 17යි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 3ක් දැවී ලකුණු 201ක් රැස් කළේය.

ඒ අනුව ලකුණු 202ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ගෝල් ග්ලැසියේටර්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 178ක් පමණි.

ගෝල් ග්ලැඩියේටර්ස් ඉණිම වෙනුවෙන් ධනුෂ්ක ගුණතිලක හතරේ පහර 7ක් සහ 6 පහර 3ක් සමගින් පන්දු 21කින් වේගවත් ලකුණු 54ක් රැස් කළේය.

කුසල් මෙන්ඩිස් පන්දු 28කින් ලකුණු 39යි.

නායක භානුක රාජපක්ෂ ලකුණු 14කට දැවී ගියේය.

පන්දු යැවීමේ දී වනිදු හසරංග සහ චතුරංග ද සිල්වා අතර කඩුලු 2 බැගින් බෙදී ගියේය.

තරගාවලියේ වීරයා සම්මානය හිමි වුණේ, තරගාවලියේ ලකුණු 312ක් රැස් කළ අවිශ්ක ප්‍රනාන්දුටයි.

ඒ අනුව ලකුණු 23කින් තරගය ජයගත් ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම මෙවර ලංකා ප්‍රීමියර් ලීග් පන්දුවාර 20 යි 20 ශුරතාව දිනා ගත්තේ ය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?