ක්‍රීඩා

IPL ක්‍රීඩක වෙන්දිසිය පෙබරවාරියේ

2022 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට අදාල ක්‍රීඩක වෙන්දේසිය ලබන පෙබරවාරි මස 12 සහ 13 යන දිනවල බැංගලෝර්හි දී පැවැත්වීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා.

2022 IPL තරගාවලිය සඳහා අලුතින් කණ්ඩායම් 02ක් එක්කර ඇති අතර, ඒ අනුව තරගාවලියට එක්වන මුළු කණ්ඩායම් සංඛ්‍යාව 10ක් දක්වා ඉහළ ගොස් ඇත.

තරගාවලියට එක්වන කණ්ඩායම් සංඛ්‍යාව වැඩිවීම හේතුවෙන් 2022 IPL තරගාවලිය මෙන්ම තරගාවලියේ ක්‍රීඩක වෙන්දිසිය ද ඉතා තියුණු මුහුණුවරක් ගනු ඇති බවටයි විචාරකයින් මත පළ කරන්නේ.

මෙවර ක්‍රීඩක වෙන්දේසියට පෙර එක් කණ්ඩායමකට ක්‍රීඩකයින් සිව්දෙනෙකු බැගින් රඳවා ගැනීමේ අවස්ථාව ලබා දී තිබීම ද විශේෂත්වයකි.

කෙසේ වෙතත් තරගාවලියට අලුතින් එක් වූ අහමදාබාද් සහ ලක්නව් යන කණ්ඩායම් දෙකට ඊට අවස්ථාව හිමි නොවන අතර ඔවුන්ට අවස්ථාව හිමිවන්නේ වෙන්දේසියෙන් පිටත ක්‍රීඩකයින් තිදෙනෙකු තෝරා ගැනීමට පමණයි.

කොවිඩ් වසංගතයේ ඕමික්‍රෝන් ප්‍රභේද තත්ත්වය දරුණු අතට හැරුණහොත් මුම්බායි සහ පූනේ හෝ අහමදාබාද්, බරෝඩා සහ රාජ්කොට්හි දී සම්පූර්ණ තරගාවලිය පැවැත්වීමට සැලසුම්කර ඇති බවට ද තොරතුරු වාර්තා වේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?