දේශීය

රසායනික පොහොර ආනයනයට සමාගම් 12කට අනුමැතිය

රසායනික පොහොර ආනයනය කිරීම සඳහා සමාගම් 12කට අනුමැතිය ලබාදුන් බව ජාතික පොහොර ලේකම් කාර්යාලය පවසයි.

මිශ්‍ර පොහොර හා යූරියා ආනයනය සඳහා එලෙස අවසර ලබා දුන් බවයි එහි අධ්‍යක්ෂකවරයා සඳහන් කළේ.

එළවළු, පළතුරු ඇතුළු අතුරු බෝග වගාවන්ට මෙන්ම වී වගාව සඳහා ද මෙම පොහොර භාවිත කළ හැකි බව ඔහු සඳහන් කළේය.

ඒ අනුව ඉදිරි මාස දෙක ඇතුළත විවෘත වෙළෙඳපොළේ හිඟයකින් තොරව රසායනික පෙහොර මිලදී ගැනිමට හැකියාව ලැබෙනු ඇත.

එන් පී කේ වර්ගයේ පොහොර මෙට්‍රික් ටොන් 2,000ක් මේ වනවිටත් දිවයිනට ආනයනය කර ඇති බවයි අධ්‍යක්ෂවරයා කියා සිටියේ.

එම අවසරය අනුව යූරියා මෙට්‍රික් ටොන් 1,500ක් ද නුදුරේදීම දිවයිනට ලැබෙනු ඇත.

කෙසේ වෙතත් මෙම පොහොර වර්ග රජයේ සහනාධාර මිල ක්‍රමයක් යටතේ නිකුත් නොකරන බව ද චන්දන ලොකුහේවා මහතා අවධාරණය කළේය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?