Latestදේශීය

ත්‍රිකුණාමල තෙල් ටැංකි 14ක් තවත් අවුරුදු 50කට ඉන්දියාවට

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ දැනට ලංකා IOC සමාගම යටතේ ඇති තෙල් ටැංකි 14ක් තවත් වසර 50කට එම සමාගමටම බදු දීමට තීරණය කර ඇතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

ලංකා IOC සමාගමට එම තෙල් ටැංකි එලෙස බදු දෙන අතර වරායේ ඉතිරි තෙල් ටැංකි 61 අලුතින් ස්ථාපිත කරන ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල්ස් සමාගම (TRINCO PETROLEUM TERMINALS LTD) යටතේ හවුලේ කළමනාකරණය කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මෙම නව සමාගමේ කොටස් 51%ක් ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුවෙන අතර ඉතිරි කොටස් 49%ක අයිතිය පැවරෙන්නේ ලංකා IOC සමාගමට ති‌බෙන ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල්ස් සමාගමටයි.

“මෙම සමාගම තෙල් සංස්ථාවේ පාලිත සමාගමක්. අධ්‍යක්‍ෂ මණ්ඩලයේ 7 දෙනාගෙන් 4 දෙනෙක්ම පත්කරන්නේ තෙල් සංස්ථාවෙන්. සභාපති ධූරය හිමිවන්නේ තෙල් සංස්ථාවට ඒ වගේම විගණකාධිපතිවරයා විගණනය කරන පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවට ඉහළ නිලධාරීන් ගෙන්වලා ප්‍රශ්න කරන්න පුළුවන් සමාගම පිළිබඳ. විෂයභාර ඇමතිවරයාගෙන් පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරන්න පුළුවන් ආකෘතියක සමාගමක් විදියටයි මේ සමාගම ස්ථාපිත කෙරෙන්නේ.”

තෙල් සංස්ථාව ඝෘජුව ලබාගන්න ටැංකි 24 සහ තෙල් සංස්ථාවේ පාලිත සමාගම හරහා ලබාගන්නා ටැංකි 61 කියන දෙක එකට ගත්තහම සමස්ථ ටැංකි 99න් 85ක පාලනය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට පැවරෙන බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේ.  

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?