Latestදේශීය

ආන්ඩුවට සරල බහුතරයත් අහිමි වේවි – මහින්ද අමරවීර

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු ආන්ඩුවෙන් ඉවත් වන්නේ නම් එහිදී සිදුවන්නේ 14 දෙනෙකු එළියට පැමිණීම නොව ආන්ඩුවේ කලකිරුණු තවත් මන්ත්‍රීවරු තමන් සමග අත්වැල් බැදගැනීම බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

එබැවින් ජනාධිපතිතුමා කළ යුත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අවලාද නගන මන්ත්‍රීවරුන්ගේ කුමන්ත්‍රණය හඳුනා ගෙන ඒ හරහා ජනාධිපතිවරයාව දුර්වල කිරීමේ සැලැස්ම පරාජය කිරීම බව අමරවීර මහතා වැඩි දුරටත් පවසනවා.

තමන් ආන්ඩුවෙන් ඉවත් වීමට තීරණය කළ හොත් ආන්ඩුවට සරල බහුතරය ද අහිමි වන බව අවධාරණය කරන අමරවීර අමාත්‍යවරයා රටේ ශක්තිමත්ම වෘත්තීය සමිති ව්‍යාපාරයට හිමිකම් කියන්නේ ද   ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බව පවසනවා.

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණ වලට පිළිතරු ‌දෙමින් අමාත්‍යවරයා මේ අදහස් ඵල කළා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?