Latestදේශීය

ධූරයෙන් ඉවත් කිරීම මගේ අනාගත දේශපාලනයට ආශිර්වාදයක් – සුසිල් ප්‍රේමජයන්ත

හෙට (05) සිට නැවතත් නීතිඥ වෘත්තියේ නිරත වන බව හිටපු රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමෙන් පසු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්ව විද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ බඩු බාහිරාදිය ලේකම්වරයාට භාර දී සිය කාර්යාලයෙන් පිටව යන අවස්ථාවේ මාධ්‍යවේදීන් ඇසූ පැනයන්ට පිළිතුරු දෙමින් සුසිල් ප්‍රේමජයන්ත මහතා මේ බව පැවසීය.

රාජ්‍ය ඇමති ධුරයන් ඉවත් කළා කියලා, ආරංචියි. මේවා ලොකු දේවල් නෙවෙයි. ඇමතිවරයෙක් වුණේ 2000. ජනාධිපතිවරු 3 දෙනෙක් යටතේ මම වැඩ කරලා තියෙනවා. මගේ වෘත්තියක් තියෙනවා හෙට ඉදලා එහෙ යනවා… උසාවියට”

ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා දැනුවත් කර තිබුණේ දැයි, මාධ්‍යවේදීහු එහිදී හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගන් විමසා සිටියහ.

ඊට ඔහු ලබා දුන්නේ මෙවැනි පිළිතුරකි.

නෑ. එහෙම දැනුවත් කරන්නෙ නෑනේ සාමන්‍යයෙන්, මාධ්‍යයෙන් එහෙම තමයි අපි දැන ගන්නෙ අයින් කළා කියලා”

තව ද හිටපු රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ අවම වශයෙන් අධ්‍යාපන සුදුසුකම් අනුව සනීපාරක්ෂක කම්කරුවෙකු හෝ වීමට නොහැකි අයට පාර්ලිමේන්තුවේ වගකීම් භාර දී ඇති බවත් එවැන්නන්ට අධ්‍යාපනයේ වටිනාකම නොතේරෙන බවත් ය.

ආණ්ඩුව තුළ තමා ජ්‍යෙෂ්ඨයෙකු විය නොහැකි වුවත් සෑම ජනාධිපතිවරයෙකුම යටතේ රටේ දේශපාලනය වෙනුවෙන් තමා යුතුකම් ඉටු කර ඇති බවත් සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසී ය.

සිදු වූ දේ ඉදිරි දේශපාලනයේ හැරවුම් ලක්ෂයක් බව සඳහන් කළ හිටපු රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ සිදු වූ දේ සිය අනාගත දේශපාලනයට අශිර්වාදයක් බවයි.

”අපි දේශපාලනයේ අතපල්ලෙන් වැටිලා නෑ. කෝට්ටේ නගර සභාවෙන් පටන් ගත්තේ 1991 වසරේ. මැතිවරණ ජයග්‍රහණය ඉතිහාසයක් තියෙනවා”

මාධ්‍යවේදී පැනය – ජනාධිපතිවරයා මේ වගේ තීන්දුවක් ගනීවි කියලා බලාපොරොත්තුවෙන් හිටිය ද ?

‘’මෙහෙම නොගත්ත නම් තමයි ප්‍රශ්නෙ, රටේ වැඩපිළිවෙළ යන හැටියට ආර්ථික කටයුතු, අනෙක් කටයුතු මෙහෙයවන හැටියට පේනවා කොහාට ද අපි යන්නෙ කියලා. ඒවා ගැන කතා කිරීම ජනතාව වෙනුවෙන් කාතා කිරීමක්’’

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?