දේශීය

බස් ගාස්තු හෙට සිට ඉහළට

ඉන්ධන මිල ඉහළ යාමත් සමග සංශෝධිත බස් ගාස්තු හෙට (05) සිට ක්‍රියාක්මකයි.

ඒ අනුව දැනට රුපියල් 14ක් වන අවම බස් ගාස්තුව රු.17ක් දක්වා ඉහළ යන බවයි ජාතික ගමනාගමන මණ්ඩලය සඳහන් කළේ.

මීට අමතරව සෙසු බස් ගාස්තුව 17.44 % කින් ඉහළ දමා තිබේ.

මේ අනුව අන්තර් පළාත් බස් රථ, අර්ධ සුඛෝපභෝගී බස් රථ, අධි සුඛෝපභෝගී බස් රථ සහ අධිවේගී මාර්ගවල ධාවනය කෙරෙන බස් රථවල ද ගාස්තුව මීට සාපේක්ෂව ඉහළ දමා ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?