Latestදේශීය

සුසිල්ට ගත්ත තීරණය ලංසාට කෝ – මෛත්‍රීපාල සිරිසේන

වත්මන් ආන්ඩුව සන්ධාන ආන්ඩුවක් බවත්, ආන්ඩුව නිර්මාණය කරන්න පක්ෂ 13ක් එක්ව කටයුතු කළ බවත්, එබැවින් ආන්ඩුව රැකගෙන ඉදිරියට යාමට අවශ්‍ය නම් ආන්ඩුව හරි දේ කරමින් ඉදිරියට යා යුතු බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ඊයේ (04) දින පැවති උත්සවයක දී සුසිල් ප්‍රේමජයන්ත මහතා ඉවත් කිරීම සම්බන්ධයෙන් තම අප්‍රසාදය ඵල කරමින් මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළා.

එක ඇමතිවරයෙකු ඉවත් කිරීමෙන් පමණක් 2022 වසරේ දී සිදු වන සිදුවීම් වළක්වා ගැනීමට ආණ්ඩුවට හැකියාවක් නොමැති බව මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා.

“පොහොට්ටුවට ජීර්ණය වෙලා ඉන්න සමහර මහත්තුරු කියනවා 69 ලක්ෂයම ඒගොල්ලන්ගේ කියලා. නැහැ 69 ලක්ෂයම ඒගොල්ලන්ගේ නෙවෙයි. 2022 අවුරුද්ද එක ඇමතිවරයෙක් ඉවත් කිරීමෙන් පමණක් සිදුවන සිදුවීම් වළක්වා ගන්න ආණ්ඩුවට බැරි වෙයි. ආණ්ඩුව නිවැරදි වුණොත්, ආණ්ඩුව හැදුනොත්, ආණ්ඩුව හරි දේ කරන්න පටන් ගත්තොත් ජනතාවගේ දුක් වේදනා හඳුනා ගත්තොත් ඔය පිපිරීම වළක්වා ගන්න පුළුවන්. පොහොර නැතිව ජනතාව විදින දුක. ඉංග්‍රීසි පාලකයින්ගේ කාලෙවත් ගොවියන්ට මෙහෙම වේදනවාක් දුන්නේ නෑ. මේ රටේ ගෙවල්වල ගෑස් පිපිරෙනකොට ගෑස් සංයුතිය වෙනස් කරපු කාටද දඬුවම් දුන්නේ. කී දෙනෙක් මිය ගියාද? අදත් පුපුරණවා මේ මොහොතෙත් ගෑස් පිපිරෙනවා. ලිට්‍රෝ ගෑස් සභාපතිට තියා අධ්‍යක්ෂක මණ්ඩලයටවත් ඉවත් වෙන්න කිව්වේ නෑ.”

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ සිරිසේන මහතා සඳහන් කළේ සුසිල් ප්‍රේමජයන්ත මහතා පොලේ ගිහින් කියපු කතාවකට අමාත්‍ යධූරයෙන් ඉවත් කළ නමුත් දවස් තුනකට කලින් නිමල් ලංසා අමාත්‍යවරයා මීට වඩා දරුණු ප්‍රකාශයක් කළ ද ලංසා අමාත්‍යවරයා සම්බන්ධයෙන් කිසිදු තීරණයක් නොගත් බවත් එසේ තීරණය නොකළේ ඇයි ද යන හේතුව තමන් දන්නා බවත් ය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩගන්න බැරි තැනකට වැටී නැති බවත් එහෙම කවුරුන් හෝ හිතාගෙන සිටිනවා නම් ඒ අයට වැරදී ඇති බවත් මෙහිදී හිටපු ජනාධිපතිවරයා අවධාරණය කළා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?