දේශීය

අදත් විදුලිය බිඳ වැටෙනවා – CEB

අද (07) දිනයේ ද දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට විදුලි විසන්ධි වීම් සිදුවිය හැකි බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

ඒ කැලණිතිස්ස බලාගාරයේ ජනන යන්ත්‍රයක් ඊයේ (06) රාත්‍රියේ සිට අක්‍රිය වීම හේතුවෙනි.

මේ හේතුවෙන් මෙගාවොට් 135ක් ජාතික විදුලි පද්ධතියට අහිමිව ඇතැයි විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි ආර්.එම්. රණතුංග මහතා සඳහන් කළේය.

කුකුලේ ගඟ විදුලි බලාගාරය අක්‍රිය වීමෙන් ද ඊයේ රාත්‍රියේ මෙගාවොට් 76ක් පමණ ජාතික විදුලි පද්ධතියට අහිමිව ගිය බවයි විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිවරයා සඳහන් කළේ.

එම තත්ත්වයන් සමග කෝට්ටේ, මහරගම සහ නුගේගොඩ ඇතුළු ප්‍රදේශ රැසකට ඊයේ රාත්‍රියේ පැය කිහිපයක් විදුලිය විසන්ධි විය.

කුකුලේ ගඟ විදුලි බලාගාරය මේ වන විට යථා තත්ත්වයට පත්කර ඇතත්, කැලණිතිස්ස බලාගාරය සම්පුර්ණයෙන් යථා තත්ත්වයට පත් කිරීමට හැකියාව ලැබී නොමැත.

ඒ හේතුවෙන් දෛනික විදුලි ඉල්ලුම වැඩිවීමත් සමග අද දිනයේත් විවිධ ප්‍රදේශවලට විදුලිය විසන්ධි විය හැකි බව විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?