දේශීය

ඩොලර් නෑ… ජනවාරි මැද ඉන්ධන හිඟයක අවධානමක් – උදය ගම්මන්පිල

ජනවාරි තුන්වන සතියේ සිට ඉන්ධන හිගයකට මුහුණ දීමේ අවධානමක් තිබෙන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.

නෙත් එෆ් එම් බැලුම්ගල වැඩසටහනට අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබෙනවා.

අවදානමක් ඇති නමුත් එය සිදුවන්නේ ක්ෂණිකව නොවන බව පවසන අමාත්‍යවරයා ඉන්ධන ආනයනය සඳහා අවශ්‍ය ඩොලර් සපයා ගත නොහැකි වුවහොත් මෙම තත්ත්වය ඇතිවන බවයි වැඩි දුරටත් පෙන්වා දෙන්නේ.

තමන් මේ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය කිහිපවිටක්ම දැනුවත් කර ඇති බව පවසන ගම්මන්පිල මහතා වෙනත් අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා විකල්පයන් සපයා ගත හැකි තත්ත්වයක් තිබුණ ද ඉන්ධන සඳහා එවන් විකල්පයක් නැති බව ද අවධාරනය කළා.

යම් හෙයකින් ඉන්ධන සැපයුම නැවතුනහොත් බයිසිකලයක යා හැකි දුර පමණක් ගමන් කිරීමට ජනතාවට සිදු වනු ඇති බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?