දේශීය

ඖෂධ වර්ග 80ක පමණ හිඟයක් ඇතිවෙන ලකුණු

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ඩොලර් අර්බුදය නිසා ණයවර ලිපි නිකුත් නොකිරීම හේතුවෙන් ඖෂධ වර්ග 80ක පමණ හිගයක් ඇතිවීමේ අවදානමක් ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමූදේශ් මහතා පවසනවා.

මෙම වසරට අදාල වාර්ෂික ඖෂධ ඇස්තමේන්තුවලට අදාල ඖෂධ මිලදී ගැනීම සඳහා අවශ්‍ය ණයවර ලිපි නිකුත් නොකිරීම හේතුවෙන් ඖෂධ වර්ග 80ක් පමණ මිලදී ගැනීමට නොහැකිවන තත්වයක් නිර්මාණය වී ඇති බව කී කුමුදේශ් මහතා සාමාන්‍යයෙන් ඉදිරි වර්ෂය සඳහා ඖෂධ ඇස්තමේන්තු කලින් වසරේ ජනවාරි මස සිට සකස් කරන බව සඳහන් කරනවා.

නියමිත ටෙන්ඩර් පටිපාටිය අවසන් කර මිලදී ගැනුම අගෝස්තු මස ආරම්භ වී තෝරාගන්නා සමාගම් සඳහා ණයවර ලිපි නිකුත් කර මාස 04ක පමණ කාලයක් ඖෂධ ගෙන්වීම සඳහා වැයවන බැවින් ජනවාරි මාසය වනවිට ඖෂධ රට තුළට ළගා වීම සිදුවන බවත් කෙසේ වෙතත් 2022 වර්ෂය සඳහා අවශ්‍ය ණයවර ලිපි මේ වන තෙක් නිකුත් වී නොමැතිවීම හේතුවෙන් අත්‍යාවශ්‍ය ඖෂධ ඇනවුම් කිරීමේ ක්‍රියාවලිය දැනටමත් මාස 4ක පමණ ප්‍රමාද වී ඇති බවත් කුමුදේශ් මහතා වැඩි දුරටත් සඳහන් කර සිටිනවා.

කොවිඩ් වසංගතය හේතුවෙන් අනපේක්ෂිත ලෙස අතිරික්ත වූ ඖෂධ නොවන්නට මේ වනවිටත් රට තුළ බරපතළ ඖෂධ හිඟයක් ඇති වී තිබිය යුතු නමුත් ඉදිරිය පිළිබඳ නිවැරදි කළමණාකරණයක් සිදු නොවුණහොත් තව මාසයකින් පමණ රට තුළ උග්‍ර ඖෂධ හිඟයක් ඇතිවීම වැළැක්විය නොහැකි බවයි රවී කුමූදේශ් මහතා අවධාරණය කරන්නේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?