දේශීය

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු ඇරඹේ

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු අද (12) කොළඹ වරායේ නැගෙනහිර ජැටියේ දී ආරම්භ විය.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.

මීටර 1,320ක දිගකික් යුත් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඉදි කිරීම් 2024 වසරේ අවසන් කිරීමට නියමිතය.

නැගෙනහිර පර්යන්ත ව්‍යාපෘතිය සඳහා වැයවන මුදල ඩොලර් මිලියන 500කි.

පර්යන්තයේ පළමු අදියරේ කටයුතු ලබන වසරේ ජූලි මස 04 වන දා අවසන් වීමට නියමිත අතර එම කොටස මීටර් 600ක දුරකින් යුුතු වේ.

පළමු අදියරේ දී නැගෙනහිර පර්යන්තයේ එස් ටී එස් දොඹකර 06ක් හා ඒ ආර් එම් ජි දොඹකර 20ක් ස්ථාපනය කිරීමට නියමිතව ඇත.

නැගෙනහිර පර්යන්තයේ සම්පූර්ණ වැඩකටයුතු ලබන 2024 වසරේ ජූලි මස 04 වන දා අවසන් වීමට නියමිතව ඇත්තේ එස් ටී එස් දොඹකර 12කින් හා ඒ ආර් එම් ජි දොඹකර 40 කන් සමන්විතවයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?