විදේශීය

මාලි රාජ්‍යයේ හිටපු ජනාධිපති අභාවප්‍රාප්ත වෙයි

ධුරයෙන් නෙරපාහරින ලද මාලි රාජ්‍යයේ හිටපු ජනාධිපති ඊබ්‍රහිම් බුබාකර් කිටා අභාවප්‍රාප්ත වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ බමාකෝ අගනුවර පිහිටි ඔහුගේ නිවසේ දී හිටපු ජනාධිපතිවරයා මියගොස් ඇති බවයි.

මීට වසර දෙකකට පෙර ඊබ්‍රහිම් බුබාකර් අඝාත තත්ත්වයකට ගොදුරු වූ නමුත් ඔහුගේ අභාවයට හේතුව එම කාරණය ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.

ඊබ්‍රහිම් බුබාකර් මියයන විට 76 හැවිරිදි වියේ පසු විය.

2020 වසර තෙක් 7 වසරක් ඊබ්‍රහිම් බුබාකර් මාලි රාජ්‍යයේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ අතර රාජ්‍ය විරෝධී විරෝධතාවලින් පසු ඔහු සිය ධුරයෙන් නෙරපා හරිනු ලැබීය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *