දේශීය

මෙරට කොවිඩ් එන්නත්කරණ වැඩසටහනට වසරක් සපිරේ

මෙරට කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන ආරම්භ වී අදට (29) වසරක් සම්පූර්ණ වී තිබේ.

ඒ අනුව එන්නත් වර්ග 5කින් පසුගිය වසර තුළ ලබාදී ඇති එන්නත් මාත්‍රා ගණන තුන්කෝටි පනස් හය ලක්ෂ තිස් හතර දහස් අනු හතකි.

සයිනෝෆාම් එන්නත් මාත්‍රා දෙකෝටි තිස් ලක්ෂ විසි නව දහස් තුන්සිය පනස් තුනක් මෙරට පුද්ගලයින්ට ලබා දී ඇති අතර ෆයිසර් එන්නත් මාත්‍රා 77 ලක්ෂ අනු අට දහස් පන්සිය අනු අටක් වසරක් තුළ මෙරට පුද්ගලයින්ට ලබා දී තිබේ.

ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රාව ලබා දී ඇති පුද්ගලයින් සංඛ්‍යාව විසි අට ලක්ෂ අනු නව දහස් 460කි.

මොඩර්නා එන්නත් පුද්ගලයින් 15 ලක්ෂ 92,162 දෙදෙනෙකුට ලබා දී ඇති අතර ස්පුට්නික් එන්නත් මාත්‍රා තුන් ලක්ෂ 14,924 මෙරට පුද්ගලයින්ට ලබා දී තිබේ.

මේ අතුරින් පළමු මාත්‍රාව පුද්ගලයින් එක් කෝටි හැට හය ලක්ෂ 26,011 දෙනෙකුට ලබා දී ඇති අතර දෙවන මාත්‍රව ලබා දී ඇති පුද්ගලයින් සංඛ්‍යාව සටහන් වන්නේ, එක් කෝටි තිස් නව ලක්ෂ 11,181ක් ලෙසයි.

බූස්ටර් එන්නත් මාත්‍රාව පුද්ගලයින් පන් ලක්ෂ 97,305 දෙනෙකුට ලබා දී ඇතැයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේය.

රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළේ ලබන සතිය තුළ දිවයින පුරා විශේෂ එන්නත්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක බවයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?