Latestවිදේශීය

රයන් මුදාගැනීමේ කාලය සමග සටන

මොරොක්කෝවේ උතුරුදිග ඉග්රාන් නම් දුෂ්කර ගම්මානයක අඩි 100ක් පමණ ගැඹුරු ළිඳකට වැටී සිරවුණු දරුවා මුදාගැනීම සඳහා මෙහෙයුම් අඛන්ඩව ක්‍රියාත්මකයි.

මොරොක්කෝ ආරක්ෂක අංශ සහ සහන කණ්ඩායම් මේ වනවිට දැඩි පරිශ්‍රමයකින් දරුවා මුදා ගැනීමේ මෙහෙයුම දියත් කරමින් තිබෙනවා.

ඔවුන් පවසන්නේ මෙය කාලය සමග සටනක් බවයි.

රයන් නම් මෙම පස් හැවිරිදි දරුවා පසුගිය අඟහරුවාදා දින ළිඳට වැටි තිබුණා.

සහන කණ්ඩායම් මේ වන විට ළිඳ අසලින් මීටර් 27ක් හාරා දරුවාට ළඟා වී තිබෙනවා.  ඉදිරි පැය කිහිපයේදී තිරස් අතට මීටර් 5 ක් හාරා එම විවරයෙන් රයන් පිටතට ගැනීමට බලාපොරොත්තු වන බව සහන කණ්ඩායම් පවසනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *