විදේශීය

භාරතීය ගීත කෝකිලාවිය දිවි ගමනට සමුදෙයි

භාරතීය ගීත කෝකිලාවිය ලෙස සැලකෙන ප්‍රවීණ ගායිකා ලතා මංගෙෂ්කාර් මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.

පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඇය අද (06) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

ඉන්දීය සිනමාවේ සංගීත ක්ෂේත්‍රයේම සිය සුමධුර හඩින් දිග්විජයක් බවට පත් කළ මංගෙෂ්කාර් මහත්මිය රෝහල් ගත කෙරෙනු ලැබුවේ කොවිඩ් 19 රෝගය ආසාදනය වීම හේතුවෙන්.

සති දෙකකට ආසන්න කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ ඇය ඊයේ (05) පස්වරුවේ දැඩි සත්කාර ඒකකයේ සිටියදීම ඇයගේ තත්ත්වය බරපතළ වී ඇති බවට ද ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

ඇය අභාවප්‍රාප්ත වන විට ඇය 92 වන වියේ පසු වුණා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *