Latestදේශීය

ඉන්ධන නොමැතිව දිගු පෝලිම්

ඉන්ධන හිඟවීම හේතුවෙන් රටපුරා ඉන්ධන පිරවුම් හල් අසල දිගු පෝලිම් දක්නට ලැබෙනවා. මේ වන විට ඇතැම් ඉන්ධන පිරවුම් හල් හී ඉන්ධන නොමැති බව දන්වා පුවරු ප්‍රදර්ශනය කර තිබෙනවා.

මේ අතර ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තය සඳහන් කරන්නේ ඉකුත් සෙනසුරාදා පැමිණි පෙට‍්‍රල් නෞකාවේ ඉන්ධන තොග සතු වීම හේතුවෙන් තවත් දින කිහිපයකට පෙට‍්‍රල් හිගයක් ඇති නොවණු ඇති බවයි.

තවද මේ වන විට එම තොග ගබඩා පර්යන්තය ඩීසල් තොග අවසන් වී ඇත්තේ සිංගප්පූරුවේ සිට ඩීසල් රැගෙන පැමිණි නැවකට මුදල් ගෙවීම ප‍්‍රමාද වීම හේතුවෙන්.

කෙසේ වෙතත් අදාල මුදල් ගෙවීම් ඊයේ රාත‍්‍රියේ සිදු කර තිබෙනවා. එමනිසා මේ වන විට ඩීසල් ගොඩබෑම ද ආරම්භ කර තිබෙනවා.  


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *