Latestදේශීය

පුෂ්පිකා පිළියන්දල පොලීසියට

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අද (23) ශ්‍රී ලංකා හිටපු විවාහක රූ රැජින පුෂ්පිකා ද සිල්වා මහත්මිය පිළියන්දල පොලීසියට කැදවා තිබුනා.

ප්‍රකාශයක් ලබා ගැනීමට මෙලෙස පුෂ්පිකා ද සිල්වා මහත්මිය පොලීසියට කැදවා තිබුනේ ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයේ දිගුවක් ලෙසයි.

අදාල ප්‍රහාරය එල්ල වීමට පෙර චමුදිත සමරවික්‍රම මහතා විසින් මෙහෙයවන අන්තර්ජාල නාලිකාවක සාකච්චාවක් සදහා පුෂ්පිකා ද සිල්වා මහත්මිය එක්ව තිබුනා.

එම සාකච්ඡාවේදී පුෂ්පිකා ද සිල්වා මහත්මිය ආන්දෝලනාත්මක කරුණු රැසක් ඉදිරිපත් කර තිබුනා.

කෙසේවෙතත් මේ දක්වා මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් කිසිවෙකු හෝ අත්අඩංගුවට ගෙන නැහැ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?