රුසියාවෙන් යුක්රේනයට දිගටම ප්‍රහාර – නේටෝ හමුදා සීරුවෙන්

ගෝලීය අර්බුධය තවත් තීව්‍ර කරමින් රුසියාව විසින් යුක්රේනයට පහර දීම ජාත්‍යන්තර දේශපාලනය තවත් උණුසුම් කරමින් තිබෙනවා.

රුසියානු ප්‍රහාර ආරම්භවීමෙන් අනතුරුව යුක්රේනයේ ජනාධිපති Volodymyr Zelensky බ්‍රහස්පතින්දා (24) උදෑසන රට පුරා යුද නීතිය හඳුන්වා දෙන බව නිවේදනය කළා.

රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් විශේෂ හමුදා මෙහෙයුමක් ප්‍රකාශයට පත් කිරීමත් සමග යුක්රේනයේ ජනාධිපතිවරයා ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ජෝ බයිඩන්ගෙන් උදව් අපේක්ෂා කළා.

එක්සත් ජනපදය අපට සහය දෙයි. ඔවුන් ජාත්‍යන්තර සහයෝගය ලබා ගැනීමට පටන් ගෙන ඇත, සන්සුන්ව සිටීම යුක්‍රෙන වැසි ඔබගෙන් අවශ්‍ය වේ, හැකි නම්, නිවසේ රැඳී සිටින්න, අපි වැඩ කරනවා, යුක්රේනයේ සමස්ත ආරක්ෂක අංශයම මේ වෙනුවනේ ක්‍රියා කරයි, කලබල නොවන්න, අපි ඕනෑම දෙයකට සූදානම්, අපි සියල්ලන්ම පරාජය කරන්නෙමු, ” යැයි යුක්රේන් ජනාධිපති සෙලෙන්ස්කි වීඩියෝ පණිවිඩයකින් ජනතාව අමතමින් ප්‍රකාශ කළා.

මේ අතර ජාත්‍යන්තර ප්‍රජාව කළ කිසිදු ඉල්ලීමක් ගණන් නොගෙන තමන් යුක්රේනයට පහර දීමට තීරණය කළ බව පුටින් පවසනවා.

February 24, 2022, Kyiv, Ukraine: A photo provided by the Ukrainian President’s office appears to show an explosion in the capital city of Kyiv early Thursday, February 24. Ukrainian President’s Office (Credit Image: © ROPI via ZUMA Press)

“විශේෂ හමුදා මෙහෙයුමක් සිදු කිරීමට මම තීරණය කර ඇත. වසර අටක් තිස්සේ කියෙව් පාලනය විසින් හිරිහැර කිරීම් සහ ජන සංහාරවලට ලක් වූ ජනතාව ආරක්ෂා කිරීම එහි ඉලක්කය වේ. ඒ සඳහා අපි යුක්රේනය නිර්හමුදාකරණය සඳහා උත්සාහ කරමු. රුසියානු සමූහාණ්ඩුවේ පුරවැසියන් ඇතුළු සිවිල් වැසියන්ට එරෙහිව ලේවැකි අපරාධ රාශියක් සිදු කළ අය නීතිය ඉදිරියට ගෙන ඒම අරමුණකි ”

මේ අතර රුසියාව විසින් යුක්රේනයට එල්ල කළ ප්‍රහාරයන් හේතුවෙන් නේටෝ සංවිධානය සිය හමුදාව සීරුවෙන් තැබීමට තීරණය කර තිබෙනවා. මේ වන විටත් රුසියානු දේශ සීමා ආසන්නයේ නේටෝ හමුදා රදවා ඇති අතර එයට ප්‍රතිචාර වශයෙන් පුටින් පවසන්නේ

තම රටට එරෙහිව අවි ඔසවන ඕනෑම රටකට එරෙහිව තම යුධ ශක්තිය පෙන්වීමට රුසියානු හමුදාව සූදානම් බවයි.  

ඇතිවී ඇති නව තත්ත්වය සැලකිල්ලට ගෙන එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා රුසියාවෙන් ඉල්ලා ඇත්තේ දැනටමත් බොහෝ පිරිසක් මිය ගොස් ඇති නිසා වහාම යුද්ධය නතර කරන ලෙසයි.

නමුත් එයට යහපත් ප්‍රතිචාරයක් ජනාධිපති පුටින්ගෙන් ලැබී නොමැත.

දැනට මෙම ගැටුම්කාරී තත්වය හේතුවෙන් පුද්ගලයන් 150ක පමණ පිරිසක් මියගොස් තිබෙනවා.

යුක්රේනයේ සටන් පවතින ප‍්‍රදේශවල පොදු පහසුකම් විශාල වශයෙන් බිඳ වැටී ඇති අතර යුක්රේන අගනුවර සිටින ජනතාව යුරෝපා දේශසීමාවන් වෙත වේගයෙන් පලා යමින් සිටිනවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published.