තෙල් හා විදුලි අර්බුදයට විසඳුම් ලබාදෙනු ! පානදුර උද්ඝෝෂණය
මේ රටේ බහුතරයක් ජනතාව මීට අවුරුදු දෙකකට කලින් රටහදන්න කියලා ඇමරිකාවෙන් ගෙනාව විරුවා දැන් හරි අපූරුවට වැඩපෙන්නගෙන යන බව වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. තෙල් අර්බුධයට විසදුම් ලබාදෙනු! මැයින් ජනතා විමුක්ති පෙරමුණ විසින් පානදුර නගරයේ සංවිධානය කළ උද්ඝෝෂණයට එක්වෙමින් නලින්ද ජයතිස්ස මහතා මෙම අදහස් ඵල කළා. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා,
අපි හිතුවා විරුවා එහේ ෂෙඩ් එකක වැඩ කරපු නිසා අඩුම තරමේ තෙල් මිලවත් අඩු කරයි කියලා. දැන් තෙල් මිල කී සැරයක් වැඩි කළා ද? අඩුම තරමේ IOC එක තෙල් මිල වැඩිකරනවා ඒක පාලනය කරන්න බැහැ. දැන් කසකාරයා ඇවිල්ලා ඉන්නේ. ආන්ඩුව දැනුවත්ව IOC එකට කියනවා තෙල් මිල වැඩිකරපල්ලා, ඊලගට අපි ඊට වඩා වැඩිකරන්නම් කියලා.
අද තෙල් මිල වැඩිවෙලා. තෙල් හිගවෙලා. රට අකර්මන්‍ය වෙලා තියෙන්නේ. මෙහේ ත්‍රීවිල් එකක් දුවාගන්න බැහැ. අරපැත්තෙන් ධීවරයාට මුහුදු යන්න බැහැ. ගොවිජනතාවට වගාවක් කරගන්න බැහැ. කඩයක් කරගන්න බැහැ. රට එකතැන නතර කරලා තියෙනවා විරුවා ඇවිල්ලා මෙහාට. ඔන්න විරුවාගේ කෙරුවාව.
ලෝකෙ තෙල් හිගයක් නැහැ. ලෝකෙ තෙල් හිගනම් අපේ වරායට තෙල් නැව් එන්නෙත් නැහැ. වරායට තෙල් නැව් එනවා. බාගන්න ආන්ඩුවට විදියක් නැහැ. ඒනිසා තමයි මේ තෙල් පෝලිම්. ඒ නිසා තමයි මේ ෂෙඩ් වැහිලා තියෙන්නේ. අනිත් පැත්තෙන් කරන්ට් එක කපනවා. පටන් ගත්තේ පැයෙන් දෙකෙන්. දැන් පැය පහයි. හයයි.
ඒ අස්සේ මේ කළුතර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමෙන්තුවට ගිය රෝහිත අබේගුණවර්ධන කියනවා SMS එක ආවට ලයිට් කපන්නේ නැහැලු. ආවා SMS එක. කැපුවද නැද්ද? කිවුවට වඩා කැපුවනේ. රෝහිතට තේරෙන්නේ නැහැ. මොකද රෝහිතගේ ගෙදර ලයිට් තියෙනවා. ගාමිණී ලොකුගේ ගේ ගෙදර ලයිට් තියෙනවා. මිරිහානේ ලයිට් තියෙනවා. මාදිවෙල මන්ත්‍රී නිවාසෙ ලයිට් තියෙනවා. මේක අරුම පුදුම කැපිල්ලක්. මේ කැපිල්ලේ ජනතාවට ලයිට් කපනවා. ඇමතිලාට ලයිට් කැපෙන්නේ නැහැ. එහෙම කැපිල්ලක් මේ තියෙන්නේ.
ඔය විරුවා ජනාධිපති කරගත්තාම ගොඩක් හංදිවල කිරිබත් කෑවා. ඒ හංදිවල කිරිබත් කාපු ජනතාවයි නොකාපු ජනතාවයි ඔක්කොම හන්දි ගානේ හන්දිකැඩෙනකම් පෝලිම්වල. එක්කෝ තෙල් පෝලිමේ. එක්කෝ ගෑස් පෝලිමේ. කිරිපිටි පෝලිමේ. බෙහෙත් පෝලිමේ. එහෙම නැත්නම් සිමෙන්ති පෝලිමේ. මොකක් හරි පෝලිමක හන්දි කැඩෙනකම් හංදිගානේ මේ රටේ ජනතාව. ඉතිං මෙහෙම කරන්න ආන්ඩුවක් ඕනෙද ? මෙහෙමෙ කරන්න ජනාධිපති කෙනෙක් ඕනෙද ?
දැන් ඊයේ පෙරේදා ජනාධිපති කියනවා, එයාගේ ධූරකාලයෙන් අවුරුදු දෙකක් ඉවර වුනාලු කොවිඩ් හින්දා. ඒ දෙකට අළුතින් දෙකක් ගන්න ඕනෙලු. දැන් කියන්නේ මොකක්ද දෙකක් නැතිවුනාලු කොවිඩ් නිසා ඉතුරු තුන නැතිවෙනවලු රුසියාවෙයි යුක්රේනයෙයි යුද්දෙ නිසා. ඕක තමයි කියන්නේ.
විශාල ජන සහභාගිත්වයකින් පැවති මෙම උද්ඝෝෂණයේදී ආන්ඩුව ගෙදර යවා ජනතාවාදී ආන්ඩුවක් පත්කරගන්නා බව නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළා.
අපි කියනවා මේ ජනාධිපතිටයි, තුනෙන් දෙකේ ආන්ඩුවටයි උඹලට සහන දෙන්න බැරිනං අකුළගෙන පලයල්ලා. ජනතාවගේ සහන නැතිවුනාට ඇමතිවරුන්ගේ එක සහනයක් එක වරප්‍රසාදයක් කැපිලා නැහැ.
මෙහෙ ලයිට් කැපෙනවා. සෞඛ්‍ය ඇමති කෙහෙලියගේ ලයිට් බිල එනවා රුපියල් එක්කෝටි විසිලක්ෂයයි පොල්ල විදුලිබල මණ්ඩලයට. කොහොමද සාමාන්‍ය මිනිහෙක් රුපියල් දාහක් එක්දහස් පන්සීයක් පොල්ලක් තිබ්බොත්. ඇවිල්ලා ලයිට් කපලා යනවා.
මේ ජනතාව පීඩාවට පත් කරන ආන්ඩුව ගෙදර යවලා රට හදන්න පුලුවන් ආන්ඩුවක් ලගදීම පත්කරගමු. ඒකට අවුරුදු තුනක් බලාගෙන ඉන්න අවශ්‍ය නැහැ. ජනතාව සූදානම් නම් තව නොබෝ දිනකින් මේ ආන්ඩුව ගෙදර යවලා ජනතාවගේ ආන්ඩුවක් පත් කර ගන්න පුලුවන්.
අපි කියනවා ජනතා විමුක්ති පෙරමුණ හැටියට ජනතාවට සහන අරන් දෙන්න සටන් කරනවා වගේම රට හදන්න පුලූවන් ආන්ඩුවක් නිර්මාණය කරන්නත් අපි මේ රටේ ජනතාව පෙළ ගස්සනවා. සංවිධානය කරනවා. අපි නොබෝ දිනකින්ම, වැඩි කාලයක් යන්න කලින් රට හදන ආන්ඩුවක් හදනවා. මේ හොරු ටික ඇතුලට දාලා, රටේ මිනිස්සුන්ගෙන් හොරා කාපුවා අරගෙන රටේ ජනතාවට ඉන්න හිටින්න පුලුවන් රටක් නිර්මාණය කරනවා.