ඉන්ධන සහ විදුලි අර්බුධය අවසන් – ගාමිණී ලොකුගේ
ඉන්ධන හිගය කඩිනමින් අවසන් කිරීමට හැකියාව පවතින බවත් ඒ අනුව බදාදා සිට සාමාන්‍ය පරිදි ඉන්ධන ලබාදීමට හැකි බවත් නව බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා. මේ වන විටත් අවශ්‍ය ඉන්ධන තොග පිරවුම් හල් වෙත යවමින් ඇති බව පවසන අමාත්‍යවරයා ඉදිරි කාලයේ ජන ජීවිතයට ඉන්ධන හිගයක් ඇති නොවන බව තහවුරු කරනවා.
තවද ඉන්ධන සම්බන්ධයෙන් ගනු ලබන නව ක්‍රියාමාර්ග හේතුවෙන් ඉදිරි කාලයේදී විදුලි කප්පාදුවකින් තොරව මෙන්ම ඉන්ධන හිගයකින් තොරව රට පවත්වාගෙන යාමට හැකි බව අමාත්‍ය වරයා පවසනවා.
එළඹෙන මාර්තු මස 15 දින ඉන්ධන තොග ඉන්දීය ණය පහසුකම් යටතේ ලැබෙන බැවින් වත්මන් ඉන්ධන අර්බුධයට කඩිනම් සහ තිරසර විසදුම් ලබා ගැනීමට හැකි බව ගාමිණී ලොකුගේ අමාත්‍යවරයා වැඩිදුරටත් පවසනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

