පාසල් 10ක් ජාතික පාසල් බවට පත් කෙරේ
අදට (08) යෙදි ඇති ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව පාසල් 10ක් ජාතික පාසල් බවට පත් කිරිමට නියමිතයි.
ඒ අනුව මෙරට ජාතික පාසල් සංඛ්‍යාව 495 දක්වා ඉහළ යන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් සහ අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහභාගිත්වයෙන් අරලිය ගහ මන්දිරයේ සිට Zoom තාක්ෂණය ඔස්සේ මෙම කටයුත්ත සිදු කිරීමට නියමිතය.
අදාළ නිවේදනය පහතින් දැක්වේ.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

